×

ලොව දිගම නියපොතු කපා දැමේ. (වීඩියෝ)

මීට පැය කිහිපයකට පෙර ශ්‍රීධර් සිය නිය නිවුයෝර්ක් නගරයේදී කපා එහි කෞතුකාගාරයක් වෙත භාර කළේය. එය nail clipping ceremony හෙවත් නිය කැපීමේ උත්සවය ලෙස නම්කර තිබිණි.


82 හැවිරිදි ශ්‍රීධර් චිලාල් Shridhar Chillal ඔහු මෙතෙක් සිටි ලොව දිගම නියපොතු වල හිමිකාරයාය.

ඔහු සිය නිය නිවුයෝර්ක් නගරයේදී කපා එහි කෞතුකාගාරයක් වෙත භාර කළේය. එය nail clipping ceremony හෙවත් නිය කැපීමේ උත්සවය ලෙස නම්කර තිබිණි.

ඔහුගේ එක් අතක පමණක් වවා තිබූ මේ නිය පොතු වලට වයස අවුරුදු 66කි. ඉන්දියාවේ පූනේ හී වැසියෙක් වන ශ්‍රී ධර් ලොව දිගම නියපොතු හිමි කරු ලෙස ගීනස් වාර්ථාවක් තැබුවේය. දිගින් අඩි 29ක් අඟල් 10.1 ක් වන ඔහුගේ නියපොතු සාමාන්‍ය බස්රථයක දිග වේ. ඔහුගේ දිගම නිය පොත්ත වූයේ මහපොට ඇඟිල්ලේ නියපොත්තයි.

එය සැබවින්ම පහසු කාර්යයක් නොවේ සිය නියපොතු කපා දමන අතර ශ්‍රීධර් පවසයි. ඒවා කපා දැමුණේ මුහුණු ආවරණයක් පැළඳගත් ඒ සඳහා ම විශේෂ පුහුණුවක් ළද ශිල්පියෙක් විසින් විදුලි බලයෙන් ක්‍රියාකරණ උපකරණයක් මඟිනි.

[embedyt] https://www.youtube.com/watch?v=gwoYzpesr4c[/embedyt]

ශ්‍රීධර් සිය නියපොතු වැවීම ආරම්භ කර ඇත්තේ ඔහුට වයස අවරුදු 14 ආරම්භ වීමත් සමඟිනි.
එදිනෙදා කටයුතු ඉතා පහසුවෙන් කර ගන්නට නියපොතු නිසා නොහැකි වූ බව පවසන ඔහු රාත්‍රී නින්ද පවා හරි හැටි නොලද බව පැවසුවේය.

ශ්‍රීධර්ගේ නියපොතු දැන් තබා ඇත්තේ නිව්යෝර්ක් හී කෞතුකාගාරයේ මින් පසු මහජන ප්‍රදර්ශනය සඳහා තබනු අ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි