×

තායි ගුහාවේ දරුවන් බේරාගැනීමට ගිය කිමිදුම්කරු මරුට. දරුවන්ගේ ජීවිත අනතුරේ

මෙම දරුවන් සිරවී සිටින ගුහාව තුළ ඔක්ෂිජන් මට්ටම මේ වන විටත් පහත බසිමින් තිබේ. පැවතිය යුතු 21% ඔක්ෂිජන් ප්‍රතිශතය මේ වන විට 15% දක්වා පහත බැස ඇති බව මෙහෙයුම් නිළධාරීන් පවසයි.


දින ගණනාවක් තිස්සේ තායිලන්තයේ ගුහාවක සිර වී සිටින ළමා පාපන්දු කණ්ඩායමේ සාමාජිකය්න් 12 දෙනා සහ ඔවුන් ගේ පුහුණු කරු බේරාගෙැනීමේ මෙහෙයුමේ නියැලී සිටි නාවික හමුදා කිමිදුම් කරුවෙකු ගුහාව තුළදී ජීවිතක්ෂයට පත්ව ඇත.

සිරවී සිටින් ළමුන් වෙත ඔක්ෂිජන් රැගෙන ගිය සමන් ගුමාන් නැමති නිවික හමුදා කිමිදුම් කරු වකු මෙසේ මිය ගොස් ඇත. ගුහාව තුළට ගෝස් එළියට එමින් සිටියදී ඔහුට ප්‍රමාණවත් පරිදි ඔක්ෂිජන් නොමැති වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති අතර ඔහු සමග සිටි සහායකයා විසින් ඔහුව එළියට රැගෙන විත් තිබේන මුත් ජීවිතය බේරා ගැනීමට නොහැති වී තිබේ.

මෙම දරුවන් සිරවී සිටින ගුහාව තුළ එක්ෂිජන් මට්ටම මේ වන විටත් පහත බසිමින් තිබේ. පැවතිය යුතු 21% ඔක්ෂිජන් ප්‍රතිශතය මේ වන විට 15% දක්වා පහත බැස ඇති බව මෙහෙයුම් නිළධාරීන් පවසයි. මෙම මෙහෙයුම සඳහා 1000ක් දෙනා සහ තවත් ස්වේච්ඡා සේවකයන් රැසක් සහභාගී වී ඇති අතර උමග තුළට අතුලු වන පිරිස වැඩි වීම හේතුවෙන් අවශ්‍ය ඔක්ෂිජන් ප්‍රමාණය පහළ යමින් පවතින බව පැවසේ. නමුත් ඔවුන් වෙත කිලෝමීටර් 5ක් දිග නළයක් ඔස්සේ ඔක්ෂිජන් සහ වාතාශ්‍රාය බාහිරින් ලබා දීම සදහා මේ වන විටද පියවර ගනිමින් සිටී.

මෙම මෙහෙයුම සඳහා ජාත්‍යන්තර කිමිදුම්කරුවන් රැසක්ද සහභාගීවෙම්න් සිටී. එක් කිමිදුම් කරුවකුගේ මරණය මෙසේ සිදු වුණද දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම නතර නොකරන බව ඔවුන් පවසයි. දරුවන් වෙනුවෙන් ජීවිතය පූජා කළ මෙම කිමිදුම්කරුගේ මරණයට වටිනාකමක් දෙන්නටනම් දරුවන් ගේ ජීවිත බේරා ගත යුතුම බවද චියැං රායි ප්‍රදේශයේ පරිපාලන නිළධාරියා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත‍.

මෙම දරුවන් බේරා ගැනීම සඳහා මාස තවත් මාස 4ක් පමණ ගත වන බව ගණන් බලා තිබුණද බේරා ගන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව නිශ්චිතවම තීරණය කර නොමැත. ඇද හැලෙන ධාරානිපාත වර්ශාවත් සමග උමග තුළ ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. දිගින් දිගටම එම ජලය පිටතට පෙම්ප කිරීමෙන් උමගේ ජල මට්ටම පාලනය කළද දරුවන් පිටතට ගෙන ඒම තවමත් අතිවිශාල අභියෝගයක් වී ඇත.

තායිලන්තයේ චියැංරාහී ප්‍රදේශයේ පිහිටි මෙම භූගත උමග නැරමීම සඳහා මෙම ළමා පාපන්දු කණ්ඩායමේ සාමාජාකයින් 12 දෙනාද ඔවුන් ගේ පුහුණු කරුද එහි ගොස් තිබුණේ මීට දින 13කට පෙරෙය.

පෙර ලිපි

තායි ගුහාවේ සිරවුණු ළමා පාපන්දු පිල පණ පිටින් – නමුත් තව මාස 4 ක් ගුහාව තුළම සිටිය යුතුයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි