×

නයිජීරියාහි බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 76 දෙනෙකු මරුට

අනාරක්ෂිත ක්‍රම හා අධි බර පැටවීම හේතුවෙන් නයිජීරියාවේ බෝට්ටු අනතුරු මේ වන විට සාමාණ්‍ය දෙයක් බවට පත්ව ඇති බව නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.


නයිජීරියාවේ අග්නිදිග ඇනම්බ්‍රා ප්‍රාන්තයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අවම වශයෙන් පුද්ගලයන් 80ක් පමණ බෝට්ටුවේ රැඳී සිටි ඇති අතර අනතුරුට ගොදුරු වූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමයින් බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් නයිජීරියානු ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ පිරිස Ogbakuba හි Nkwo වෙළඳපොළ වෙත යමින් සිටි බවත්, බෝට්ටුව පෙරළිමට එන්ජිමේ දොශයක් හේතුව ඇති බවත්ය. මෙම අනතුර නිවැසියන්ට මෙන්ම ප්‍රාන්ත රජයට කම්පනයක් ඇති කර ඇති බවත්, වින්දිතයාගේ පවුල්වලට සිය සංවේගය ප්‍රකාශ කරන බවත් අනම්බ්‍රා ආණ්ඩුකාර චාල්ස් සොලුඩෝ නිවේදනය කර ඇත.

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි අනතුරින් මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර මේත් සමඟ රටේ ජල ප්‍රවාහන පද්ධතිය පුරා ඇති ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ සෝදිසි කටයුතු කළ යුතු බවට රාජ්‍ය ආයතනව වලට දැනුම් දී ඇත.

අනාරක්ෂිත ක්‍රම හා අධි බර පැටවීම හේතුවෙන් නයිජීරියාවේ බෝට්ටු අනතුරු මේ වන විට සාමාණ්‍ය දෙයක් බවට පත්ව ඇති බව නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි