×

නයීජීරියාවට පනවා තිබූ ට්විටර් තහනම ඉවතට

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරිගේ ප්‍රකාශයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට තුළ ට්විටර් භාවිතය අත්හිටවනු ලැබීය.


නයීජීරියාව තුළ පනවා තිබු ට්විටර් තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර​යි.

පසුගිය ජුනි මස සිට මාස 07ක කාලයක් එරට ට්විටර් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරුණි.

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරිගේ ප්‍රකාශයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට තුළ ට්විටර් භාවිතය අත්හිටවනු ලැබීය.

කෙසේවෙතත් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් නයිජීරියානු රජය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි ට්විටර් තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි