×

නයිජීරියාව පැය කිහිපයක් තිබියදී ජනාධිපතිවරණය කල් දමයි

මැතිවරණ කොමිසම කියන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා එය මෙසේ කල් දැමීම අත්‍යාවශ්‍ය වූ බව ය.


නයිජීරියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී මැතිවරණ කොමිසම විසින් එය කල්දමා තිබේ.

ජනාධිපතිවරණය ආරම්භ වීමට පැය 5 ක් තිබියදී ඔවුන් නිවේදනය කළේ එය පැවැත්වෙන්නේ පෙබරවාරි 23 වැනිදාට බවයි.

මෙවර මැතිවරණයේදී ජනාධිපති මුහම්මදු බුහාරි (Muhammadu Buhari) විශාල තරගයකට මුහුණ දෙනු ඇතැයි මීට පෙර කියැවී තිබිණි. ඔහුගේ ප්‍රතිවාදියා ලෙස සැලකෙන්නේ හිටපු උප ජනාධිපති මෙන්ව ව්‍යපාරිකයෙකු ද වන අකිතු අබුබකර් (Atiku Abubakar) ය.

බුහාරිගේ පළමු ධුර කාලය තුළ ඔහුගේ ජනප්‍රියත්වය බෙහෙවින් පහළ වැටී ඇති අතර, විචාරකයන් මෙම ජනාධිපතිවරණය සලකන්නේ බුහාරිගේ ජනප්‍රියත්වය උරගා බලන ජනමත විචාරණයක් වනු ඇති බව ය.

මේ අනුව අවසන් මොහොතේදී ජනාධිපතිවරණය කල් දැමීම හේතුවෙන් විශාල ආන්දෝලනයක් ද ඇති වී තිබේ. රෝගී තත්ව හේතුවෙන් ඔහු ධුරයේ පෙනී සිටීමට අසමත් වීම, දුර්වල ආර්ථිකය සහ දූෂණය හා අනාරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට දේශපාලන අධිකාරිය අසමත් වීම යන කරුණු ඔහුගේ අසමත් ලැයිස්තුවේ ඉහළින්ම තිබේ.

නයිජීරියාව අප්‍රිකාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර, අප්‍රිකාවේ අංක එකේ ඛණිජ තෙල් නිෂ්පාදකයා මෙන්ම වැඩිම ජනගහනයක් ජීවත් වන අප්‍රිකානු රට වන්නේ ද නයිජීරියාවයි.

මේ අතර, 2011 සහ 2015 වසරවලදී පැවැත්වූ නයිජීරියානු ජනාධිපතිවරණයන් ද ආරක්ෂක ගැටළු යනාදී හේතු දක්වමින් කල් දමා පසුව පැවැත්වූ බව ද නිරීක්ෂණය කළ හැකිය. එසේම මැතිවරණ වංචාවන් සම්බන්ධයෙන් ද චෝදනා ගණනාවක් ඒ අවස්ථාවලදී වාර්තා විය.

මේ අතර නයිජීරියාව මුල් කරගෙන ක්‍රියාත්මක වන බොකෝ හරාම් ත්‍රස්තවාදී සංවිධානය විසින් රජයේ නිල රථ පෙළකට ප්‍රහාර එල්ල කළ අතර, පුද්ගලයන් 15 දෙනෙක් එයින් ජීවිතක්ෂයට පත්වූහ. පාලක පක්ෂය විසින් හාකෝට් වරාය නගරයේදී එල්ල කළ මෙම ප්‍රහාරයේදී නිල ඡන්ද පත්‍රිකා මළු 14 ක් ඔවුන් විසින් පැහැරගෙන ඇති බව ද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි