×

අපරාධ වැඩි වීම නිසා නයිජීරියාවේ ප්‍රාන්ත 4 ක පාසල් වසයි

උතුරු හා මධ්‍යම නයිජීරියාවේ ප්‍රාන්ත ආණ්ඩු 4 ක පාසල් අද දින සිට වසා දමා තිබෙන්නේ මහා පරිමාණ සිසුන් පැහැර ගැනීම්, පාලනය කර ගත නොහැකි මට්ටමට පැමිණ තිබෙන නිසා ය.


‘මං පහරන්නන්‘ හෝ ‘සොරුන්‘ ලෙස ප්‍රාදේශීය ලෙස ප්‍රචලිත මෙම කණ්ඩායම් හේතුවෙන් පාසල් පමණක් නොව ගවයන් විකිණීමට තබා ඇති ස්ථානද, ඉන්ධන පිරවුම් හල් ද වසා දමා තිබේ.

යතුරුපැදිවලින් පැමිණෙන අපරාධ කල්ලි පාසල් දරුවන් කප්පම් පිණිස පැහැර ගැනීම සහ මංකොල්ලකෑම් සිදුකර පළා යාම වසර ගණනක සිට නයිජීරියාවේ සුලබ අපරාධයක් බවට පත් ව තිබේ.

ඒ අනුව වාහනවලට ලබාදෙන ඉන්ධන සීමා කිරීමට ද ඇතැම් පළාත් පියවර ගෙන ඇත. යතුරපැදි සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද උපදෙස් දී තිබේ.

පළාත් ගණනාවක මෝටර් ටැක්සි සේවාවන් සහ යතුරු පැදි සඳහා ඇඳිරි නීතිය පැනවීම ද සිදුකර ඇත.

සිසුන් පැහැර ගැනීම පිළිබඳ කුප්‍රකට කඩූනා පළාත තුළ ගස් කැපීම ද තහනම් කර ඇත. ඒ, මං පහරන්නන් සහ දැව ජාවාරම්කරුවන් සහයෝගයෙන් කටයුතු කරන බවට තොරතුරු ලැබීමත් සමග ය.

මේ අතර සම්ෆාරා පළාතේ රගු වනාන්තරය තුළ සිට අසල ගම්මානවලට පහර දෙන සන්නද්ධ කල්ලි ගැන ද තොරතුරු ලැබී තිබේ.

නයිජීරියාවේ අපරාධ, පාලනය කර ගත නොහැකි මට්ටමට උත්සන්න වී තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි