×

අතුරුදන් වූ ඩොලර් 41,000ක පාර්සලයක් සොයාදුන් නයිජීරියානු ගුවන් හමුදා නිලධාරියකුට ප්‍රණාම

නයිජීරියානු ගුවන් හමුදාවටම ආදර්ශයක් වූ උමාර් ගේ අතිවිෂිශ්ට සේවය හා අප්‍රතිහත ධෛර්‍යය අගයමින් ත්‍යාග හා තිළිණ ප්‍රදානය කිරීම සිදුවන ලදී.


නයිජීරියානු ගුවන් හමුදා චීෆ් මාර්ශල් බෂිර් උමාර් සේවයේ නියුතු ව සිටිය දී අතුරුදන් ව තිබූ යූරෝ 37,000 (ඇමරිකානු ඩොලර් 41,000) ක මුදල් ඇතුලත් පාර්සලයක් සොයා ගැනීමට සමත් වීම නිසා එරට ගුවන් හමුදාව ඔහුට ප්‍රණාම පුද කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

උමාර් ගේ අතිවිෂිශ්ට සේවය හා අප්‍රතිහත ධෛර්‍යය අගයමින් හා නයිජීරියානු ගුවන් හමුදාවටම ආදර්ශයක් වන බව පවසමින් එරට ගුවන් හමුදා ප්‍රධානී එයාර් මාර්ශල් එස් බී අබුබාකර් ඔහුට වහා ක්‍රියාත්මක වන පරිදි ත්‍යාග හා ප්‍රණාම තිලිණ කිරීමට උපදෙස් ලබා දී ඇත.

එලෙස පසුගිය බ්‍රහස්පතින්දා (25) දින උමාර් ගේ සේවය අගයමින් තිලිණ හා ත්‍යාග ප්‍රදානය කිරීම සිදුවන ලදී. එමෙන්ම, එම උත්සවය තුළදී උමාර් කෝප්‍රල් තනතුරෙහි ද පිහිටුවන ලදී. නයිජීරියානු ගුවන් හමුදා පදක්කම් පටිපාටියට අනුව එය උමාර් දැරූ තනතුර මෙන් දෙගුණයක ගෞරව නාමය හිමිවන තනතුරකි.

එම උත්සවයට නයිජීරියානු ගුවන් හමුදා සේවයේ ඉහල නිලධාරීන් පිරිසක් ද, උමාර් ගේ දෙමාපියන් බවට විශ්වාස කරන පිරිසක් ද සහභාගී වී සිටියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි