×

මග නොඅසා පාවී එන අබිරහස් සපත්තු

ගතවූ වර්ෂය පුරාම බර්මියුඩා සහ බහමාස් හි සිට අයර්ලන්තය දක්වා වූ වෙරළ කලාප ගණනාවකටම අලුත් සපත්තු දුසිම් සිය ගණන් ගොඩ ගසනු ලැබේ. මේ අබිහරස කුමක්ද?


කතාව පටන් ගත්තේ 2018 සැප්තැම්බර් මාසයෙකනි. අත්ලාන්තික් සයුරේ පිහිටා තිබෙන ඇසෝරස් නමැති හුදෙකලා කොදෙව්වේ පිහිටි ෆ්ලෝරස් පුංචි දූපතට අලුත්ම අලුත් සපත්තුවක් පාවී අවුත් තිබුණේය.

මුලින් ඒවා ආවේ සුළු ප්‍රමාණවලිනි. නමුත් ක්‍රම ක්‍රමයෙන් Trainers, flip-flops ඇතුළු අලුත්ම අලුත් පාවහන් සහ සෙරෙප්පු සිය ගණනක් පාවී එන්නට පටන් ගත්තේය. ඒවා බොහෝ විට එකම සන්නාමයෙනි. ඒ මදිවාට එකම ප්‍රමාණයෙනි. එකම නිෂ්පාදිත දිනය සහිත ලේබල ද ඒවායේ දක්නට ලැබුණේය.

එක මාසයකදී අලුත්ම අලුත්, Nike වර්ගයේ සපත්තු 60 ක් ම මේ දූපත් වෙරළට පාවී ආවේය.

Nike shoe
Photo: LIAM MCNAMARA

එයින් මාස 7 කට පසු, එයට සැතපුම් 1400 ක් දුරින් පිහිටා තිබෙන එක්සත් රාජධානියේ කෝන්වෝල් හි ජීවත් වූ ට්‍රේසි විලියම්ස් නමැති කාන්තාවක් ද මේ හා සමානම අත්දැකීමකට මුහුණ දුන්නාය.

මේ සෙල්ලම ගැන ඉක්මනින්ම බර්මියුඩා, බහමාස්, ප්‍රංශය, අයර්ල්නතය, ඕර්කිනි සහ ෂැනල් දූපත්වලින් ද අසන්නට ලැබුණේය.

අවසානයේ අබිරහස විසඳුණේය. Maersk Shanghai සුප්‍රසිද්ධ නැව් සමාගමට අයත් නැවකින් මෙම පාවහන් අඩංගු කන්ටේනර් 70-76 ක් අතර ප්‍රමාණයක් මුහුදට වැටී ඇති බව පරීක්ෂණවලදී හෙලි කර ගැණිනි.

මෙම නැව මීටර 324 ක් වන බවත්, බහාලුම් (කන්ටේනර්) 10,000 ක් එකවර ගෙන යාමට සමත් වූ බවත් ඇමරිකාවේ වර්ජිනියා ජනපදයේ නෝර්ෆෝක් හිදී එය අනතුරකට ලක් වූ බවත් පසුව දැනගන්නට ලැබිණි.

Flip flop
Photo: TRACEY WILLIAMS

මෙයට සමගාමීව පුවත්වල පළ වුණේ නැති වූ කන්ටේනර්වලින් 9 ක් සොයාගෙන ඇති බවත්, තවත් 7 ක් ගිලී ගොස් ඇති බවත් ය. කෙසේ නමුත් අදාළ නැව් සමාගමට අයත් බහාලුම්වලම මේ පාවහන් තිබූ බව ඔප්පු කරන්නට ලෝකයට අදටත් අසීරු වී තිබේ. එයට හේතුව, ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොපැවසීමයි. Nike සන්නාමය පැහැදිලිවම පෙනෙන්නට තිබියදීත් එම සමාගම ද අදහස් පළ කිරීමෙන් වැළකී සිටියි.

කෙසේ නමුත් මේ පාවහන් වසර සිය ගණනක් තිස්සේ දිරාපත් වනු ඇත්තේ ඒවායේ අඩංගු මයික්‍රො ප්ලාස්ටික් අංශු නිසා ය. සෑම වසරකටම ලොව පුරා සාගරවලට ප්ලාස්ටික් ටොන් මිලියන 10 ක් පමණ බැහැර වන බව පැවසේ. දැන් දැන් දැකගන්නට ලැබනේනේ නැව් වලින් මුහුදට දැමෙන හෝ මුහුදට වැටෙන කන්ටේනර් ද මේ සඳහා විශාල දායකත්වයක් දක්වන බවයි.

World Shipping Council හි නිල දත්තවලට අනුව ලොව පුරා සාගර හරහා වසරකට කන්ටේනර් මිලියන 218 ක් සංසරණය වේ. එයින් කන්ටේනර් 1000 ක් පමණ වසරකට මුහුදට වැටෙන බවට විශ්වාස කෙරේ.

නමුත් 1990 දශකයේදී Nike සමාගමේ මෙවැනිම සාගර දූෂණයක් වළක්වා ගන්නට උදව් කළ එක් ඡායාරූප ශිල්පියෙකු බීබීසී පුවත්සේවය සමග පැවසුවේ, සැබෑ ප්‍රමාණය ඊට වඩා බෙහෙවින් වැඩි බව ය.

සාමාන්‍යෙයන් එක් සපත්තු කන්ටේනරයක ස්නීකර්ස් ජෝඩු 5000 ක් පමණ අඩුක් කළ හැකි බවට ද විශ්වාස කෙරේ. සාගර පරිසර පද්ධති අපිරිසිදු වීම හැරුණු විට මේ සපත්තු සෙල්ලම නිසා තවත් දෙයක් විය හැකිය. එනම්, සාගරයේ දියවැල් අක්‍රමවත් වීමයි. දියවැල්වල නිදහස් සංසරණයට බාධා සිදුවීමයි.

Map of North Atlantic currents
සපත්තු සිරවීම නිසා මේ දියවැල්වල ගමන වෙනස් විය හැකිය!

දැනටත් මේ අන්දමින් කන්ටේනර් පිටින් මුහුදට වැටී ඇති අලුත් සපත්තු නිසා සිදුවෙමින් තිබෙන්නේ සුළුපටු හානියක් නොවේ. සාගර මේ ‘සපත්තු සාපයෙන්‘ ගළවා ගැනීමට නම් තව වසර 30-50 ක් පමණ ගතවනු ඇත.

Tracey Williams
Tracey Williams

උදාහරණයක් වශයෙන් ට්‍රේසි විලියම්ස් වෙරළ සුද්ද පවිත්‍ර කරමින් මේ අන්දමින් දිනකට කිහිප වරක් වෙරළේ ඇවිද යයි. ඇය තිර අදිටනින් යුක්ත ය.

‘‘මේක හරියන වැඩක් නෙවෙයි. නැව් සමාගම් ඔවුන්ගේ කාගෝ (භාණ්ඩ තොග) වලට වගකියන්න ඕනෙ.“ ඇය කියන්නේ කෝපයෙනි.

මේ සිදුවන සාගර දූෂණය සහ වෙරළ දූෂණයට වගකීම කෙසේ වෙතත්, නැව් සමාගම් යටත් පිරිසෙයින් ඉතා සරල එක් දෙයක්වත් කළ යුතුය.

අඩුම වශයෙන්, තමන්ගේ සපත්තු කන්ටේනර් මුහුදේ ගිලී ගිය බව හෝ ඔවුන් පිළිගත යුතුය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි