×

මිනිස් ලේ බිංදු ඇති සාතන්ගේ සපත්තුවට තහනම් නියෝගයක්

Lil Nas X නමැති ජනප්‍රිය රැප් ගායකයා යොදාගෙන ඇමරිකාවේ බෘෘක්ලින් හි සමාගමක් විසින් නිෂ්පාදනය කළ ‘සාතන්ගේ සපත්තු‘ විකිණීම තහනම් කරමින් Nike සමාගම අධිකරණ නියෝගයක් ලබාගත්තා.


ඒ, ඩොලර් 1018 ක් හෙවත් පවුම් 740කට මිල කර ඇති, මෙම සපත්තු විලාසිතාව, Nike සමාගම විසින් නිර්මාණය කළ Nike Air Max 97 සපත්තු ආකෘතිය නවීකරණය කිරීමෙන් කළ නිෂ්පාදනයක් බව හෙළි කරමින්.

MSCHF සමාගම, මෙම සපත්තු ජෝඩු 666 ක් නිෂ්පාදනය කළේ, 6 සාතන් හෙවත් යක්ෂයාගේ අංකය ලෙස සැලකෙන නිසයි. ඇමරිකාවේ සාතන්ගේ නිකාය ද මෙම සපත්තු කලින්ම ඇණවුම් කර ඇති බව කියැවුණා.

සත්‍ය වශයෙන්ම මිනිස් රුධිරය

නවතම වාර්තාවල සඳහන් ව තිබෙන්නේ සපත්තු ජෝඩු 666 අතරින් එක සපත්තු ජෝඩුවක් හැර සෙසු සියල්ලම අලෙවි වී තිබෙනවා. ඒ අලෙවිය සිදුවුණේ විනාඩියකට අඩු කාලයක් තුළදීත් බව වාර්තා වෙනවා.

මේවා මිලදී ගත් ඇතැම් අය eBay හරහා ඩොලර් 2500 බැගින් නැවත විකිණීමට උත්සාහ ගෙන තිබුණත් මේ තීන්දුව සමග eBay එම සපත්තු අලෙවිය ස්වයංක්‍රීයව අත්හිටුවා තිබෙනවා.

සත්‍ය වශයෙන්ම මිනිස් රුධිර බිංදුවක් අන්තර්ගත මෙය, ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා. මේවායේ ගැබ්කර ඇත්තේ කාගේ රුධිරයද යනාදී වශයෙන් ද ප්‍රශ්න රැසක් නැගුණා. ඩැකෝටා හි ආණ්ඩුකාරවරයා ද ට්විටර් හරහා මෙය දැඩි සේ විවේචනය කළා.

Nike සමාගම විසින් පැවරූ මෙම නඩුවේදී සපත්තු නිෂ්පාදකයා නියෝජනය කරමින් ඉදිරිපත් වූ නීතිමය තර්කය වුණේ මෙම ස්නීකර්ස්, කලාකෘති ලෙස සැලකිය හැකි බවයි. එම සමාගම බෘෘක්ලින් හි කලාකෘති එක්රැස් කරන සහ ප්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස ප්‍රකටයි. කෙසේ නමුත් විනිසුරුවරයාගේ මතය වුණේ මෙය කලාකෘති එක්රැස් කිරීමකට වඩා නිර්මාණ සහ සන්නාම සොරකමක් ලෙස සැලකිය හැකි බවයි.

පෙර ලිපිය

මිනිස් ලේ බිංදුවක් ඇති ‘සාතන්ගේ සපත්තු‘ ජෝඩු 666 ක් ලෝකය සොළවයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි