×

ISIS-K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් 6 ක් සමග එකම පවුලේ 9 දෙනෙක් මරුට!

කාබුල් ගුවන් තොටුපොළට නැවත වරක් ISIS-K ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන සඳහන් වී පැය කිහිපයකට පසු ඇමරිකානු හමුදාව ද්‍රෝණ ප්‍රහාරයක් එල්ල කර තිබේ.


ISIS-K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යැයි හඳුනාගත් ඉලක්කයක් වෙත එල්ල කළ මෙම ප්‍රහාරයෙන් එකම පවුලේ 9 දෙනෙක් මිය ගොස් ඇති අතර, එයින් 6 දෙනෙක්ම කුඩා දරුවන් වීමත් සමග විශාල ආන්දෝලනයක් හටගෙන ඇත.

මිය ගොස් ඇති කුඩාම දරුවා අවුරුදු 2 ක බිළිඳෙකි.

මේ අතර, පවුලේ ඉතිරි වී සිටින එක් අයෙක් CNN පුවත් සේවයට පවසා තිබෙන්නේ ‘‘අපි සාමාන්‍ය පවුලක්‘‘ යනුවෙනි. ‘‘අපි ISIS-K වත් දයේෂ්වත් නෙවෙයි..‘‘ යැයි ද ඔහු කියා තිබේ.

අසල්වාසීන් සහ සිද්ධිය ඇසින් දුටු අය ද, මෙම ද්‍රෝන ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක් මරණයට පත් වූ බව සනාථ කරති.

සිවිල් වැසියන් මරණයට පත් වී ඇති බව, මේ අතර ඇමරිකානු හමුදාව ද ඊයේ දිනයේ පිළිගත්තේය. අහිංසක ජීවිත අහිමි වීම පිළිබඳ තමන් දැඩි සේ කණගාටු වන බවත්, සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකි බවත් ඒ ගැන සොයාබලන බවත් ඔවුන් කියා තිබේ.

වාහනය තුළ මරාගෙන මැරෙන බෝම්බ කරු සිටි බවත්, මේ තරම් විශාල විනාශයක් සිදුවන්නට ඇත්තේ ඔහු සතුව තිබූ පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් බවත් ඇමරිකානු හමුදාව විශ්වාස කරයි.

‘‘මේ වාහනය කාර් බෝම්බයක් ලෙස මරාගෙන මැරෙන ප්‍රහාරයකට පාවිච්චි කරන්නට සූදානමින් තිබූ බවට සැක කෙරෙනවා. එසේත් නැතිනම් මරාගෙන මැරෙන බෝම්බකරු, එම මෝටර් රථයේ නැගී ගුවන් තොටුපොළට එන්නට සැලසුම් කරගෙන සිටින්නට ඇති..‘‘

පෙන්ටගනය පවසන්නේ මෙම වාහනය තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනෙක් සිටින බවට තමන්ට තොරතුරු ලැබී තිබූ බවයි.

කෙසේ නමුත්, මෙය ආත්මාරක්ෂාව වෙනුවෙන් එල්ල කළ ප්‍රහාරයක් ය යන ස්ථාවරයේ ඇමරිකාව සිටියි.

මෝටර් රථය තුළ තිදෙනෙක් සිටි බවත්, සෙසු අය ඒ අසල ගමන් ගනිමින් සිටි අය බවටත් ඇතැම් වාර්තාවල සඳහන් වේ. දරුවන් ඇතුළු කිහිප දෙනෙක් ප්‍රහාරයෙන් තුවාළ ද ලැබූහ.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මේ අතර, ඩෙලවෙයා වෙත ගොස් ප්‍රහාරයෙන් මිය ගිය හමුදා භටයන් 13 දෙනාට සිය අවසන් ගෞරව දැක්වීය.

ඔහු කියා තිබුණේ මේ වෙනුවෙන්‘ පළිගන්නා බව සහ එකට එක කරනා බව‘ ය.

නමුත් අහිංසක දරුවන් 6 දෙනෙක් ඇතුළු සිවිල් ජීවිත විනාශ වූ ඊයේ සිද්ධියෙන් පෙනී යන්නේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මගින් ඇමරිකාව තත්වය තවත් දරුණු අතට හරවාගන්නා බව ද?

පෙර ලිපි

‘‘පළිගන්නවා – දඩයම් කරනවා..‘‘ ජෝ බයිඩන්ගෙන් වියරු ප්‍රතිඥාවක් !



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි