×

ඇමරිකානු ජාතිකයන් 9ක් මෙක්සිකෝවේදී සමූල ඝාතනයට!

එක්සත් ජනපදයේ දේශ සීමාවේ මෙක්සිකානු ප්‍රදේශයේ මෝමන් ප්‍රජාවකට අයත් පවුලක සාමාජිකයින් 9 දෙනෙකු ඝාතනය කෙරෙයි.


එක්සත් ජනපදයේ දේශ සීමාවේ මෙක්සිකානු ප්‍රදේශයේ මෝමන් ප්‍රජාවකට අයත් පවුලක සාමාජිකයින් 9 දෙනෙකු ඝාතනය කරන ලද අතර, මෙම සමූල ඝාතනයට ලක්වූ එක් අයෙකුගේ ඥාතියෙකු පවසා සිටින්නේ මෙබදු මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වයන් සිය ප්‍රජාවට අමුතු නොවන බවයි.

මෙම ප්‍රහාරයෙන් මියගිය රොනීටා මාරියා මිලර් ගේ සොහොයුරිය වන කේන්ද්‍රා ලී මිලර් පැවසුවේ, “කාටෙල් අපගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු රැගෙන ගොස් ඇත” බවත් සඳුදා ඝාතනයට ලක්වූවන් මේ සංහාරයේ “පළමුවැන්නා නොවේ” යන්නයි.

සොනෝරා සහ චිහුවා ප්‍රාන්ත අතර ගමන් කළ වාහන තුනක් අපරාධ කණ්ඩායම් විසින් සඳුදා සවස සැඟවී සිට පහර දී ඇති බව මෙක්සිකානු බලධාරීහු පවසති.

ඝාතනයට ලක්වූවන් අතර කාන්තාවන් තිදෙනෙකු, කුඩා දරුවන් හතර දෙනෙකු සහ ළදරුවන් දෙදෙනෙකු සිටින බව මෙක්සිකෝවේ සිට පැමිණි පවුලේ සාමාජික ඇලෙක්ස් ලෙබාරන් පැවසීය. සියල්ලෝම ද්විත්ව එක්සත් ජනපද-මෙක්සිකානු පුරවැසියන් බව ඔහු පැවසීය.

ඔවුන් සියල්ලම රිය පැදවීමේදී එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා ජීවිත්ක්ෂයට පත්ව ඇති අතර දරුවන් අට දෙනෙක් දිවි ගලවා ගෙන ඇත.

“කාන්තාවන් සහ ළමයින් සමූල ඝාතනය කර, පණපිටින් පුළුස්සා දමනු ලැබුවා,” ලෙබාරොන් පැවසීය.

මේ සිදුවීමට අනතුරුව මෙම ඝාතන දියත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට ඇමරිකානු ජනාදිපති ට්‍රම්ප් සහය ලබාදීමට තීරණය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි