×

නිපා වෛරසය හේතුවෙන් කේරළයේ 14 හැවිරිදි පිරිමි ළමයකු මිය යයි

ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බැවින් වෛරසය වැළඳෙන අයගේ මරණ අනුපාතය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතී.


සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසය වැළදීම හේතුවෙන් මිය යාමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ පිරිමි ළමයා පන්ඩික්කාඩ් නගරයේ බවත් ඔහු සමඟ සම්බන්ධ වූවන් 214 දෙනෙකු පමණ හුදකලා කර පරීක්ෂාවට ලක් කර ඇති බවත්ය. ඒ අනුව, එම පිරිස අතරින් අධි අවදානම් සහිත පුද්ගලයන් 60 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබුණේ,

ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බැවින් වෛරසය වැළඳෙන අයගේ මරණ අනුපාතය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතී.

නිපා වෛරසය පළතුරු වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් එන මොලයේ උණ ඇති කරන අතර මෙය වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Nipah ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි