×

NISSAN සභාපති අත්අඩංගුවට

අත්අඩංගුවට පත් සභාපතිවරයාගේ ක්‍රියාකාලපය හේතුවෙන් අසාධාරණයට පත් සහ කරදරයට පත් සිය ආයතනයේ කොටස්කාර සමාගම් සහ ගනු දෙනු කරුවන්ගෙන් එහි ප්‍රධාන විධායකවරයා සමාව ඉල්ලා සිටියේය.


 

කාර් රථ ඉතිහාසයේ කවුරුත් දන්නා සුප්‍රසිද්ධ නනමක් වන කාර්ලස් ගෝස්න් මූල්‍ය වංචා චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන ඇත.

මහා බ්‍රිතාන්‍යයේ විශාලතම කාර් වෙළදාම හිමි ගෝස්න් අත් අඩංගුවට ගැනීමත් සමග ඔහුව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීමටද සූදානමක් පවතින බව වාර්ථා වේ.

නිසාන් සමාගමේ ප්‍රධාන විධායක හිරතෝ සකිකාවා පවසන්නේ වැරදි කිරීම සුළු පටු නොවන බවත් ගෝස්න් ගේ මෙම ක්‍රියාකලාපය වසර ගණනාවක් තිස්සේ සිදු වෙමින් පවතින බවත්ය.

නිසාන් සමාගමේ පමණක් නොව ඔහු Renault රෙනෝල්ට් සමාගමේද ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා මෙන්ම සභාපතිවරයාද වේ.

පසුගිය වසර 4ක කාලය තුළ Renault සිය අවම ආදායම පෙන්වූ අතර එය 15% ක් දක්වා පහත බැස ඇත.

අත්අඩංගුවට පත් සභාපතිවරයාගේ ක්‍රියාකාලපය හේතුවෙන් අසාධාරණයට පත් සහ කරදරයට පත් සිය ආයතනයේ කොටස්කාර සමාගම් සහ ගනු දෙනු කරුවන්ගෙන් එහි ප්‍රධාන විධායකවරයා සමාව ඉල්ලා සිටියේය.

වැටුප හා බෝනස් ලබා ගැනීමේදීද ඔහු විසින් වංචා සහගත ක්‍රියා සිදුව ඇති අතර ඔහුත් සමග නිසාන් හී තත් අධ්‍යක්ෂ වරයෙක් වන ග්‍රෙග් කෙලීද අත්අඩංගුවට ගන්නා ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි