×

නිසාන් හී හිටපු ප්‍රධානී කාලෝස් ගොස්න් ලෙබනනයට පලා යයි.

නිසාන් හී හිටපු ප්‍රධානී කාලෝස් ගොස්න් ඔහුට එල්ල ව තිබූ මූල්‍ය විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී ජපානයෙන් පලාගොස් ලෙබනනයට ගොස් ඇති බව වාර්තා වේ.


නිසාන් හී හිටපු ප්‍රධානී කාලෝස් ගොස්න් ඔහුට එල්ල ව තිබූ මූල්‍ය විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී ජපානයෙන් පලාගොස් ලෙබනනයට ගොස් ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ගොස්න් කියා සිටියේ තමා යුක්තියෙන් පලා ගොස් නැති නමුත් “අයුක්තියෙන් හා දේශපාලන හිංසනයෙන් බේරී” ඇති බවයි.

ඔහු 2018 දී අත්අඩංගුවට ගෙන තිබියදී ජපානයෙන් පිටව ගියේ කෙසේද යන්න පැහැදිලි නැත.

හිටපු ප්‍රධාන විධායක නිලධාරියා රට තුළ නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටි අතර ඔහුට දැඩි ඇප කොන්දේසි යටතේ විදේශ ගතවීම තහනම් විය.

ඔහු ලෙබනනයට ගිය බව ප්‍රවෘත්ති ආයතන කිහිපයකින් වාර්තා වීමෙන් පසු ගොස්න් කෙටි ප්‍රකාශයක් නිකුත් කළේය. තමා මැදපෙරදිග රටකට ගොස් ඇති බව සනාථ කරමින් ගොස්න් පැවසුවේ “තමා වරදකරුවකු ලෙස තවදුරටත් උපකල්පනය කරන, වෙනස් කොට සැලකීම බහුලව පවතින සහ මූලික මානව හිමිකම් අහිමිවන දැඩි ජපන් අධිකරණ පද්ධතියක් විසින් තමාව තවදුරටත් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙසයි.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි