×

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආධාර කාර්ය මණ්ඩලය සීමා කිරීමට උතුරු කොරියාවෙන් ඉල්ලීමක්!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ආධාර කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව අවම කර ගන්නා ලෙසට උතුරු කොරියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී ඇත.


උතුරු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ආධාර කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව අවම කර ගන්නා ලෙසට උතුරු කොරියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී ඇති බවට වාර්තා වේ.

උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමින් දියත් කරනු ලබන ආධාර වැඩසටහන් අසාර්ථක වීමට බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ එම වැඩසටහන් හමුවේ එක්සත් ජාතීන් ලබා දෙන දායකත්වය සතුරු බලවේග විසින් දේශපාලිනීකරණය කර තිබීම බවයි.

මේ පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් කළ විමසීමකදී කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේරු අනුව උතුරු කොරියාවේ මිලියන 10.3 ක පමණ ජනතාව විවිධ අවශ්‍යතා වලින් පෙළෙන අතර, රටේ ජනතාවගෙන් 41% ක් මන්දපෝෂණයෙන් පෙළෙනු ලබන බවට සොයාගෙන ඇත.

ප්යොංයැං අගනගරය පසුගිය පෙබරවාරි මස ප්‍රකාශ කර සිටියේ පවතින නියඟය, ගංවතුර හා සම්බාධක තත්ත්ව මත 2019 වර්ෂයේ උතුරු කොරියාව ආහාර හිඟයකට මුහුණ පා ඇති බවයි.

කෙසේ වෙතත්, පවතින දුෂ්කරතා මධ්‍යයේ උතුරු කොරියාවට ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළද, එම වැඩසටහන් අසාර්ථක වී ඇති බවත්, එයට හේතුව සතුරු බලවේග විසින් එම සහය දේශපාලිනීකරණය කර තිබීම බවද උතුරු කොරියාවේ ජාතික සම්බන්ධීකාරක කමිටු මහ ලේකම් කිම් චැන්ග් මින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමුකළ ලිපියක් මඟින් ප්‍රකාශ කර තිබේ.

එබැවින් උතුරු කොරියාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර ආධාර කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව අවම කර ගන්නා ලෙසට දැනුම් දී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි