×

කලින් වගේ චීනෙත් එක්ක මින් පස්සේ ඇයි හොඳයි කම් නැති වේවි – මහා බ්‍රිතාන්‍යය

“අපි දන්නේ නැහැ. අප නොදන්නා දේවල් පැහැදිලිවම සිදුවී තියෙනවා'' -ප්‍රංශ ජනපති


කොරෝනා වෛරසය ආශ්‍රිතව පැතිර ගිය වසංගත තත්ත්වය අවසන් වූ කලකත් කිසිදු ලෙසකින් ”චීනය හා සුපුරුදු සම්බන්ධතා පැවැත්වීමට ” බලාපොරොත්තුවක් නැති බව බ්‍රිතාන්‍යය අගමැති තනතුරෙහි වැඩ බැලූ ඩොමිනික් රාබ් පවසන ලදී. ඒ පසුගිය බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම වෛරසය මේ තරම් දුරට පැතිරී යාමත් ඉන් ලෝකයට උගන්වන පාඩම් පිළීබදවත් අප තව දුරටත් ගැඹුරින් හැදෑරිය යුතු වෙනවා ” ඔහු පවසයි.. මම හිතන්නැහැ අපට කිසි සේත් මින් ගැළවිය හැකියි කියා..

වසංගත තත්ත්වය ආරම්භයේදී සිය රටවැසියන් නැවත වුහානයේ සිට ගෙන්වා ගැනීම සහ වෛද්‍ය සැපයුම් සළසාගැනීමේදී චීනයෙන් හොද සහයෝගයක් බ්‍රිතාන්‍ය වෙත ලැබුණු බවට පවසන රාබ් ” වෛරසය ඇකි වූයේ කෙසේද සහ එය නවතාලීමට කිසිත් නොකලේ මන්දැයි යන්න පිළිබද අසීරු ප්‍රශ්න ලෝකය හමුවේ ඇතැයි පැවසීය.

මේ අතර එක්සත් ජනපදය චීනය විසින් වසංගතය පාලනය කිරීමට සමත් වීමත් සමග නැවතත් සම්බන්ධතා ආරම්භ කළ යුතු බව එක්සත් ජනපද රිපබ්ලිකන් පක්ෂයේ මෙන්ම පාලක කොන්සවේටිව් පක්ෂයේද ජ්‍යොෂ්ඨ සාමාජිකයින් පවසා සිටියි.

හිටපු ටෝරි නායකයෙකු වන බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසන්නේ බ්‍රිතාන්‍යයට මින් ඉදිරියට චීනය මත යැපෙන්නට කිසි සේත් අවශ්‍ය නැති බවත් එය සිය නීති රීති වලට පටහැනි බවත්ය.

ඒත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබද කමිටුව අනතුරු අගවමින් කියා සිටින්නේ චීනය විසින් මෙහෙයවන ලද සාවද්‍ය තොරතුරු ව්‍යාපාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයන්ට සිය ජීවිත වලින් වන්දි වෙන්නට සිදු වූ බවයි.

මේ පිළිබද චීනය පවසන්නේ වෛරසයේ පිපිරී යාම චීනයෙන් ආරම්භ වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය පවසනා සිටින්නේ කොවිඩ් -19 හි ආරම්භය පිළිබඳව “විද්‍යාත්මක හෝ වෛද්‍යමය නිගමනයකට එළඹ නැති” බවත්, සොයා ගැනීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින බවත් ය.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය උඵුටා දක්වමින් ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ
“ලෝකය දැන් අත්විඳින දේ ගෝලීය සංසිද්ධියක් බවත්, මූලාශ්‍රය නිශ්චය කර නොමැති බවත්, අවධානය යොමු කිරීම පාලනය කළ යුතු බවත්, ඇතැම් ස්ථාන ගැන සඳහන් කරන ඕනෑම අපකීර්තිමත් භාෂාවක් වළක්වා ගත යුතු බවත්ය.

ප්‍රංප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මේ අතර චීනයේ කිරීටක වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයන් ඇති බවත් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළ ෆිනෑන්ෂල් ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය “අපි නොදන්නා දේවල් සිදුවිය” හැකියි ඔහු මෙහිදී අවධාරණය කලේය.

“මෙය හැසිරවීමේදී වඩා හොඳින් දේවල් සිදු වී යැයි කීමට තරම් බොළඳ නොවෙමු,” චීනය පැතිරීම කළමනාකරණය කිරීම ගැන ඔහු පැවසීය.

“අපි දන්නේ නැහැ. අප නොදන්නා දේවල් පැහැදිලිවම සිදුවී ඇත. ”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි