×

බොරිස් ජොන්සන්ටත් එරෙහි විශ්වාසභංගයක්?

බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ පවතින එකම විසඳුම මෙය බවට ස්කොට්ලන්ත නීති සම්පාදකයින්ගේ මතයයි.


බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) හා කම්කරු පක්ෂය (Labour Party) ඇතුළු විරුද්ධ පක්ෂ එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡාවේ යෙදෙන බවට වාර්තා වෙයි. 

එළඹෙන සතිය තුළදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමකට ඉදිරිපත් කිරීමට නියමිත බවට පසුගිය සිකුරාදා (27) දින ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර තිබේ.

SNP ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමට සහය පළ කිරීමට ස්කොට්ලන්ත නීති සම්පාදකයින් සූදානම් බවයි. බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ පවතින එකම විසඳුම එය බවට ඔවුහු පෙන්වා දෙති.

එළඹෙන ඔක්තෝබර් මස 31 වන දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. මේ වන විට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තෙවරක් එරට පාර්ලිමේන්තුව හමුවේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම පිළිබඳ නව ගිවිසුමක් සම්මත කර ගැනීමට ගත් වෙර අසාර්ථක වී ඇති අතර, මේ පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකිරීම වැළැක්වීම සඳහා අසාමාන්‍ය ලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම තුළින් ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයත් සමඟ, එරට ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඒකමතිකව තීන්දු කළේ අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කර ඇති අයුරු නීතිවිරෝධී බව ය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ යුරෝපා සංගමය ද මේ වන විට අනතුරු අඟවා ඇති අතර, මෙහිදී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ ක්‍රියා කලාපය බොහෝ පාර්ශව වල අප්‍රසාදය ට ලක්වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි