×

කොරෝනා ආසාදිතයන් හමුනොවූ රටවල් තිබේද?

ලොව පුරා තත්ත්වය කෙසේ වුව ද, මෙම වෛරසයෙන් බේරී සිටීමට පැසිෆික් කලාපයේ පිහිටි දුපත් රාජ්‍ය 10ක් සමත් වී තිබේ,


2019 දෙසැම්බර් මස චීනයේ වුහාන් නගරයෙන් මතු වූ කොරෝනා වෛරසය මේ වනවිට ලොව ප්‍රදේශයක්ම පාහේ ව්‍යාප්ත වී ඇත. මේ වන විට ලෝක ජනගහනයෙන් මිලියන 23.3කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් මියගොස් ඇති ගණන 812,000 ඉක්මවා තිබේ.

ලොව පුරා තත්ත්වය එසේ වුව ද, මෙම වෛරසයෙන් බේරී සිටීමට පැසිෆික් කලාපයේ පිහිටි දුපත් රාජ්‍ය 10ක් සමත් වී තිබේ, කොරෝනා වෛරසය අනෙක් රටවල පැතිරීම ඇරඹීමත් සමගම මෙම දුපත් දැඩි සංචරණ සීමා පනවමින් විදේශිකයින්ගේ පැමිණීම නවතා දමා ඇත.

එම රටවල් 10:

  • සොලොමන් දුපත්
  • ටුවලු
  • සැමෝවා
  • වෙනුආටු
  • ටොන්ගා
  • පලාවු
  • මයික්‍රොනීසියා
  • මාර්ෂල් දුපත්
  • නාව්රු
  • කිරිබාති


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි