×

උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල සන්දර්ශනය නැවතත්

මේ පිළිබඳව පෙන්ටගනය විසින් අනතුරු අඟවා තිබුණේ න්‍යෂ්ටික අවි භාවිතය උතුරු කොරියානු පාලනයේ අවසානයට හේතු වනු ඇති බවයි.


උතුරු කොරියාව විසින්, අද(18)අලුයම කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කර ඇති බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී හා ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.


වයඹදිග ටොංචැං-රි ප්‍රදේශයෙන් දියත් කිරීම් සිදුව ඇති අතර මිසයිල කිලෝමීටර් 550 (සැතපුම් 342) ක උන්නතාංශයකට පියාසර කර තිබේ. මිසයිලවලින් හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති මුත්, ජපානයේ උප ආරක්ෂක අමාත්‍ය ටොෂිරෝ ඉනෝ පැවසුවේ මිසයිල රටේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටත පතිත වී ඇති බවයි.


උතුරු කොරියානු මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර තිබුණේ අධි තෙරපුම් ඝන ඉන්ධන මෝටරයක් යොදා නවතම මිසයිල දියත්කිරීම සිදුකළ බවයි. මිසයිල එන්ජිම අත්හදා බැලීම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් අධීක්‍ෂණය කරන ලද අතර, එය රොකට් එන්ජින් සහ අභ්‍යවකාශ දියත් කිරීමේ, වාහන ඇතුළු මිසයිල තාක්ෂණයන් අත්හදා බැලීමට භාවිතා ටොංචැං-රි හි භූමියේ සිට සිදු කළ බව උතුරු කොරියානු රජය වාර්තා කර තිබේ.


මෑත මාසවලදී, උතුරු කොරියාව න්‍යෂ්ටික හැකියාව ඇති බැලස්ටික් මිසයිල මාලාවක් අත්හදා බලනු ලැබූ අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාව පිළිබඳ රහසිගත තත්වයක් පවතියි. කෙසේ නමුත් මේ පිළිබඳව පෙන්ටගනය විසින් අනතුරු අඟවා තිබුණේ න්‍යෂ්ටික අවි භාවිතය උතුරු කොරියානු පාලනයේ අවසානයට හේතු වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි