×

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් අඛණ්ඩව ඉදිරියට

උතුරු කොරියාව සිය මිලීටරි අත්හදා බැලීම් සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපද හමුදා වලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම රටේ ආරක්‍ෂාව සහ කලාපීය සාමය තහවුරු කර ගැනීම සඳහා බවයි.


උතුරු කොරියාව අද අලුයම නැවත වරක් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර ඇති අතර මෙම හඳුනාගනු ලැබූ මිසයිල දෙකම කිලෝමීටර් 100 (සැතපුම් 60) ක උන්නතාංශයකට ළඟා වූ අතර කිලෝමීටර් 350 (සැතපුම් 217) පරාසයක් ආවරණය කළ බව ජපානයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ටොෂිරෝ ඉනෝ ද තහවුරු කර ඇත.

මෙම අත්හදාබැලීම දියත් වූයේ දකුණු කොරියාව හා එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් නව නාවික අභ්‍යාස වටයක් පවත්වා පැය කිහිපයකට පසුවය. මෙම යුධ පුහුණුවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ගුවන් යානා වාහක නෞකාවක් වන යූඑස්එස් රොනල්ඩ් රේගන් සහ එහි සටන් කණ්ඩායම සම්බන්ධ වූ අතර, උතුරු කොරියාව දිගින් දිගටම මෙම පුහුණුවීම් වලට විරෝධය පල කරමින් නිවේදනය කර තිබුණේ රීගන් ස්ථානගත කිරීම කලාපීය ආරක්ෂාවට බාධාවක් බවත්, මෙම අභ්‍යාස ඉදිරි ආක්‍රමණ සඳහා හුරුවක් බවත්ය.

මේ අනුව යමින් උතුරු කොරියාව සිය මිලීටරි අත්හදා බැලීම් සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපද හමුදා වලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම රටේ ආරක්‍ෂාව සහ කලාපීය සාමය තහවුරු කර ගැනීම සඳහා බවයි. මෙහිදී උතුරු කොරියාව එක්සත් ජනපද න්‍යෂ්ටික තර්ජනවලට මුහුණ දීම සඳහා තමන්ටද න්‍යෂ්ටික අවි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බල කෙරුණු බව පවසයි.

එක්සත් ජනපද සහ දකුණු කොරියානු නිලධාරීන් උතුරට පහර දීමේ අරමුණක් නොමැති බව පුන පුනා ප්‍රකාශ කළ ද පසුගියදා ජපානයට ඉහළින් එක්සත් ජනපද පැසිෆික් ප්‍රදේශය වන ගුවාම් සහ ඉන් ඔබ්බට ප්‍රහාර එල්ල කිරීමේ අත්හදා බැලීම් සිදු කරන ලදි. දේශපාලන විශ්ලේෂකයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නායක කිම් ජොන් උන්ට එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නැවත ආරම්භ කිරීමට අදහසක් නොමැති බවත්, ඔහුගේ ආයුධ අවි ගබඩාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය බවත්ය.

කෙසේ නමුත් මේ වන විට උතුරු කොරියාව භූගත න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානමින් සිටින බව දකුණු කොරියානු බලධාරීහු අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි