×

උතුරු කොරියානු අගනුවර මහ රෑ අමුතු පෙළපාළියක්

උතුරු කොරියාවේ පයොන්ගියැන්ග් අගනුවර රාත්‍රියේ අමුතුම ආකාරයේ පෙළපාලියක් පවත්වා තිබේ.


ඒ, උතුරු කොරියාවේ 73 වැනි සංවත්සරය වෙනුවෙනි.

මෙහි තිබූ විශේෂත්වය වූයේ තැඹිලි පාට හැස්මත් ඇඳුම් කට්ටල සහ ගෑස් ආවරණවලින් පෙළපාළිකරුවන් සැරසී සිටීමයි. බැලූ බැල්මට එනිසා මෙය දිස්වූයේ න්‍යෂ්ටික හෝ පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ රටක පවත්වන පෙළපාළියක් මෙනි.

මෙම හමුදා පෙළපාලියේ ගමන් ගත් පිරිස් අතර කම්කරුවන්, පර්යේෂණ කණ්ඩායම් සහ ‘හදිසි රෝග නිවාරණ ඒකකය‘ ද විය.

උතුරු කොරියාව මේ වන විට දරුණු කෝවිඩ් වසංගත තත්වයකට මුහුණ දී සිටින බැවින්, රටක් වශයෙන් ඔවුන් එයට සූදානම් බව පැවසීම මේ අමුතු නිල ඇඳුමේ අරමුණ වූ බවට ඇතැම් පාර්ශව සැක පළ කරයි.

මිසයිල ප්‍රදර්ශනය කිරීමක් සිදුනොවීම ද මෙහි තවත් විශේෂත්වයක් විය.

මේ වන විට සෑහෙන ප්‍රමාණයකින් දේහ බර අඩුකරගෙන සිටින කිම් ජොන් උන් ද පෙළපාළිය නැරඹීමට එක් වී සිටියේය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි