×

උතුරු කොරියාව අලුත් වැඩක!

උතුරු කොරියාව පසුගිය නොවැම්බර්යේ සිය පළමු ඔත්තු චන්ද්‍රිකාව කක්ෂ ගත කළ අතර, ඉන් පසු මැයි 27 වනදා සහ ජුනි 4 වනදා කාලය තුළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාව සැලසුම්කර ඇත.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 4 වනදා වන විට, උතුරු කොරියාව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර තිබෙන බව VOA News පවසයි.

උතුරු කොරියාව පසුගිය නොවැම්බර්යේ සිය පළමු ඔත්තු චන්ද්‍රිකාව කක්ෂ ගත කළ අතර, ඉන් පසු මැයි 27 වනදා සහ ජුනි 4 වනදා කාලය තුළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාව සැලසුම්කර ඇත.

VOA News මාධ්‍ය පවසන්නේ දින 8ක කාලයක් සදහා උතුරු කොරියානු අර්ධද්වීපය අසල සමුද්‍රීය අවදානම් කලාප තුනක් නම්කර ඇති බවත්, ඒ චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමේදී යම් අවදානමක් එම කලාපයට ඇතිවිය හැකි බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි