×

උතුරු කොරියාව දකුණට අනතුරු අඟවයි

-----


නව කෙටි දුර මිසයිල දෙකක් උතුරු කොරියාව විසින් ඊයේ අත් හදා බැලූ අතර ඒවා දකුණු කොරියානු ක්‍රියාකලපායට විරෝධය පිණිස සිදු කරන ලද බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි.

අධි තාක්ෂණික ආයුධ ආනයනය කිරීම හා ඇමෙරිකාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීම සමබන්ධව දකුණු කොරියාවට සිදු කළ අනතුරු ඇඟවීමක් ලෙස මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළ බව ඔහු පවසයි.

ජපන් මුහුදේදී අත්හදා බැලුන මෙවැනි ආරක්ෂිත ක්‍රියාකාරකම් සිදු කිරීමටත් අවි ආයුධ වැඩි දියුණු කිරීමටත් මෙම සිදුවීම් මගින් තත්ත්වයන් නිර්මාණය කරමන් පවතින බවයි.

පසුගියදා කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව සිදු කළ පළමු මිසයිල් අත්හදා බැලීම මෙය වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි