×

උතුරු කොරියාව රුසියාව සමඟ අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට සමබන්ධ වේ

දෙරට පවතින සියලු ක්‍රම භාවිතා කරමින් වහාම යුධ සහ වෙනත් ආධාර සැපයිය යුතුය.


සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියාව හා රුසියාව අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් යටතේ සන්නද්ධ ප්‍රහාරයකදී සෑම පාර්ශවයක්ම අනෙකාගේ ආධාරයට පැමිණිය යුතු බව සඳහන් ගිවිසුම අනුමත කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය සහයෝගය ලබා දුන් බව එරට රාජ්‍ය මාධ්‍ය KCNA වාර්තා කර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද ගිවිසුමට අත්සන් කර ඇති අතර, දෙපාර්ශ්වයම යුදමය තත්ත්වයක පවතී නම්, දෙරට පවතින සියලු ක්‍රම භාවිතා කරමින් වහාම යුධ සහ වෙනත් ආධාර සැපයිය යුතු බවට මෙහිදී නියම කර ඇත.

යුක්රේනයට එරෙහි යුද්ධයට සහාය දැක්වීම සඳහා උතුරු කොරියාව දස දහස් ගනනක් හමුදා භටයන් රුසියාවට යවා තිබීමත් සමඟ දෙරට අතර මිලිටරි සහයෝගීතාවය වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර විවේචන ඇතිවෙමින් පවතින අවස්ථාවක මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර සෝල්, වොෂින්ටන් සහ කියෙව් රුසියාවේ උතුරු කොරියානු සොල්දාදුවන් 10,000 කට වැඩි පිරිසක් සිටින බව පවසා ඇති අතර, එක්සත් ජනපද නිලධාරීන් සහ යුක්රේනයේ ආරක්ෂක ඇමති පැවසුවේ ඔවුන්ගෙන් සමහරක් යුක්රේන දේශසීමා අසල කර්ස්ක් හි සටන්වල ​​නිරත වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි