×

න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා පැත්තකට දමා උතුරු කොරියාව නැවතත් වැඩ පටන් ගනී.

මේ අතරතුර රුසියාව විසින් තිරිගු පිටි මෙට්‍රික් ටොන් දෙදෙහසක ආහාර අධාර උතුරු කොරියාව වෙත යැවීමට කටයුතු කර තිබීම පිළිබදවද ඇමරිකානු අවධානය යෙමු වී ඇත.


පසුගිය ජූනි මාසයේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජෝන් උන් අතර පැවති හමුවෙන් පසු උතුරු කොරියාව විසින් නවතා දමා තිබූ න්‍යෂ්ටික අවිඅත් හදා බැලීම් උ කොරියාව විසන් නැවතත් ආරම්භ කර ඇත.
චන්ද්‍රිකා තාක්ෂණය මගින් ගත් ඡායාරූප තුළින් මේ බව පැහැදිලිව දැක ගතව හැකි අතර පසුගිය සතියේ ඇමරිකානු ජනපති සහ උතුරු කොරියානු ජනපතිවරයා අතර පැවති දෙවන හමුව අවසන් වත්ම මෙසේ නැවතත් න්‍යෂ්ඨික අවි කටයුතු ආරම්භ කර ඇත.

ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසන්නේ උතුරු කොරියානු න්‍යෂ්ටික අවි හරණය සම්පූර්ණ නොකළහොත් ඉදිරියේදීත් ඇමරිකාව උතුරු කොරියානට එරෙහිව සම්බාධක දැඩි කරන බවයි.


කෙසේ වෙතත් පසුගියදා පැවති ට්‍රම්ප් කිම් දෙවන හමුව කිසිදු අවසන් තීරණයකින් හෝ ගිවිසුමකින් තොරව අවසන් විය. මන්ද උතුරු කොරියානු ජනපතිවරයා තමන්ට එරෙහිව පවතින සියළු සම්බාක ඉවත් කරන්නෙන්ම් තම රට න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවට පවසා සිටියද ඇමරිකානු ජනපති වරයා විසින් සියළු සම්බාදක අවලංගු කරන බවට පොරොන්දු නොවූයේය. වියට්නාමයේ හැනෝයි සමුළුව අසාර්ථක වූයේ එක් සමගිනි.
මේ අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව උතුරු කොරියාවේ ජනගහනයෙන් 43%ක් ආහාර හිඟයකින් පෙළෙන අතර මෙයට විසදුම් ලෙස රුසියාව විසින් තිරිගු පිටි මෙට්‍රික් ටොන් දෙදෙහසක ආහාර අධාර උතුරු කොරියාව වෙත යැවීමට කටයුතු කර තිබීම පිළබදවද ඇමරිකානු අවධානය යෙමු වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි