×

උතුරු කොරියාව සිය බලවත්ම මිසයිලය අත්හදා බැලූ බවට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි

මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් දක්වන්නේ මෙය උතුරු කොරියානු ආයුධ වැඩසටහනේ ඉදිරි ගමනක් වන බවයි.


උතුරු කොරියාව මුල්වරට ඝණ ඉන්ධන භාවිතා කරමින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බවත්, එය මෙතෙක් අත්හදා බලා ඇති බලවත්ම මිසයිලය බවත් උතුරු කොරියානු රජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන්ගේ 11වන පදවි ප්‍රාප්තියට සමගාමීව හඳුන්වා දෙනු ලැබූ Hwasong-18 ලෙසින් හඳුන්වනු ලබන අත්හදාබැලීම් අවිය ද්‍රව ඉන්ධන මිසයිලවලට වඩා වේගවත් වේ. මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් දක්වන්නේ මෙය උතුරු කොරියානු ආයුධ වැඩසටහනේ ඉදිරි ගමනක් වන බවයි.

සිය දියණිය, බිරිඳ සහ සොහොයුරිය සමඟ පරීක්ෂණය අධීක්‍ෂණය කළ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර තිබුණේ, මෙම පරීක්ෂණය හේතුවෙන් ප්‍රතිවාදීන් අතිශය බියෙන් හා කාංසාවෙන් පෙළෙන බවයි.

මෙම මිසයිල දියත් කිරීම හේතුවෙන් ජපානයේ ව්‍යාකූල තත්වයක් ඇති වු අතර හොක්කයිඩෝහි පාසල් ආරම්භ කරන වේලාවන් ප්‍රමාද කළ අතර සමහර දුම්රිය සේවා අත්හිටුන ලදි. මෙම පියවර ජපානය, දකුණු කොරියාව සහ එක්සත් ජනපදයේ බලධාරීන් දැඩි ලෙස හෙළා දකින ලද බවද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි