×

උතුරු කොරියාවේ පළමු යුධ ඔත්තු චන්ද්‍රිකාව මුහුදට කඩා වැටේ

දකුණු කොරියාව, ජපානය සහ එක්සත් ජනපද මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද චන්ද්‍රිකා දියත් කිරීම හෙළා දුටු අතර ඔහු පියොංයැංගෙන් ඉල්ලා තිබුණේ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා වෙත නැවත පැමිණෙන ලෙසයි.


උතුරු කොරියාව විසින් සිය පළමු යුධ ඔත්තු චන්ද්‍රිකාව දියත් කරීමට ගත් පළමු උතුසහය අසාර්ථකව ඇති බව වාර්තා වේ.
දියත් කරන ලද නව චන්ද්‍රිකා ප්‍රවාහන රොකට්ටුවක් වන ‘Cheollima-1’ හි ඇතිවූ දේෂයක් හේතුවෙන් එහි වේගය නැති වී කොරියාවේ බටහිර මුහුදට කඩා වැටී ඇත. මෙය න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයේ හයවන චන්ද්‍රිකා දියත් කිරීම වන අතර 2016න් පසු ගනු ලැබූ පළමු උත්සහයයි.

යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, චන්ද්‍රිකාව රේඩාර් වෙතින් අතුරුදහන්ව ගිය බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දකුණු කොරියාව, ජපානය සහ එක්සත් ජනපද මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද චන්ද්‍රිකා දියත් කිරීම හෙළා දුටු අතර ඔහු පියොංයැංගෙන් ඉල්ලා තිබුණේ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා වෙත නැවත පැමිණෙන ලෙසයි.

උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකමින් 2022 වසරේදී සිය ආයුධ වේගයෙන් නවීකරණය කර පුළුල් කරමින් වාර්තාගත පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කරනු ලැබීය. දකුණු කොරියාව ජපානය සහ එක්සත් ජනපදය සමඟ ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව දිගින් දිගටම පවතින හෙයින් සිය ආත්මාරක්ෂාව සඳහා මෙම අත්හදා බැලීම් දිගින් දිගටම කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි