×

උ.කොරියාව අලුත් ආයුධයක් අත්හදා බලයි.

උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේද ඇමරිකාවට බලපෑමක් එල්ල කිරීමේ අරමුණිනි.


උතුරු කොරියාව විසින් ”නව උපාය මාර්ගික ආයුධයක්” අත්හදා බැලූ බව එරට මාධ්‍ය විසින් අද ප්‍රකාශයට පත් කෙරිණි. වියට්නාමයේ හැනෝයි හී දී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් පසු සිදු කළ ප්‍රථම අත්හදා බැලීම මෙය වෙයි. ඉතා බලගතු පුපුරණ ද්‍රව්‍යද සහිත මෙම ආයුධය කුමන ආකාරයේ එකක් ද යන්න වැඩි දුරටත් විස්තර අනාවරණය නොකර ඇති අතර මෙම අවස්ථාව නැරඹීම සදහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ද පැමිණ සිටියේය.

පසුගියදා ඇමරිකානු ජනපතිවරයා විසින් දෙදෙනා අතර තෙවන හමුවක් පැවැත්වීමේ අවස්ථාවක් පිළිබදව ඉගියක් පල කොට තිබුණද උතුරු කොරියානු නායකයා ඊට සිය අදහස් ලෙස දක්වා තිබුණේ ඇමරිකානු ජනපති කිසිදු සැගවුණු අදහසක් නැතිව අව්‍යාජව තමන් හා සාකච්ඡා සදහා සහභාගී වන්නේනම් පම්ණක් තමන් සූදානම් බවයි. දෙදෙනා අතර තෙවන හමුව පැවතුණේ කිසිදු සුබදායී තීරණයකින් තොරවයි. https://outboundtoday.com/north-korea-willing-to-take-part-in-talks-if-us-has-right-attitude/

උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේද ඇමරිකාවට බලපෑමක් එල්ල කිරීමේ අරමුණිනි. කොරියානු මාධ්‍ය පවසන පරිදි මෙම මිසයිලය විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් විවිධ අයුරින් අත්හදා බලා ඇත.
මේ සම්බන්ධව ඇමරිකානු ජනපතිවරයා විසින් තවමත්ක කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි