×

උතුරු කොරියාව විසින් ජපානයට පහර දිය හැකි වර්ගයේ දිගුදුර කෘෘස් මිසයිලයක් අත්හදා බලලා!

උතුරු කොරියාව විසින් නව දිගුදුර කෘෘස් මිසයිලයක් අත්හදා බලා ඇති අතර, එහි ඡායාරූප රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කර තිබේ.


මෙම මිසයිලය ජපානයට වුවත් පහර දිය හැකි එකක් බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසා ඇත.

එනම්, සැතපුම් 930 ක් හෙවත් කිලෝමීටර 1,500 ක දුරක් ගමන් කිරීමට මෙම මිසයිලයට හැකිය.

මෙම මිසයිල අත්හදා බැලීම අන්තර්ජාතික ප්‍රජාවට විශාල වශයෙන්ද, ජපානයට සුවිශේෂී ලෙස ද ආරක්ෂාවේ තර්ජනයක් ඇති කර තිබෙන බව ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ මේවා අත්හදා බලා ඇති බවට විශ්වාස කෙරේ. උතුරු කොරියානු මුහුදට කඩා වැටීමට පෙර ඒවා අපේක්ෂිත ඉලක්කයට වැදී ඇති බව ද වාර්තා වේ.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව, මෙය උතුරු කොරියාව විසින් අත්හදා බැලූ, න්‍යෂ්ටික හිසක් සහිත පළමු කෘෘස් මිසයිලය වීමට ද ඉඩ තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින්, බැලස්ටික් මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාවට තහනම් කර ඇතත්, මේ වර්ගයේ කෘෘස් මිසයිල ගැන ඔවුන්ගේ පවා අවධානය යොමු ව තිබුණේ නැත.

ප්‍රධාන ඡායාරූප- KCNA

පහත දැක්වනේනේ මේ වන විට උතුරු කොරියාව විසින් භාවිතා කරන මිසයිල වර්ග පිළිබඳ අනාවරණයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි