×

ජීවිතයත් මරණයත් අතර අරගලයක ඉන්න අපිට තියන ගැලවිජ්ජාව ආර්ථිකයයි: කිම් ජොන්ග්-උන්

2021 වර්ෂය ඉතා කටුක කාලවකවානුවක් බවට පිළිගත් උතුරු කොරියානු නායකයා, ජනතාවගේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස ගැටළුව විසඳීමේ රැඩිකල් ප්‍රගතියක් ලබා ගත යුතු බවට පෙන්වා දුන් අතර, ඒ සඳහා 2022 වසර වෙන්වනු ඇති බව ද සඳහන් කර තිබේ.


උතුරු කොරියාවේ 2022 වර්ෂය සඳහා එරට රජයේ පළමු ප්‍රමුඛතාවය ආර්ථිකය සඳහා හිමිව ඇති බවට වාර්තා වේ.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් විසින් ඊයේ (31) දින පැවති කොරියානු කම්කරු පක්ෂයේ (WPK) 08 වන මධ්‍යම කාරක සභාවේ 04 වන පූර්ණ රැස්වීම අමතමින් අවධාරණය කර තිබෙන්නේ, 2022 වර්ෂයේ පළමු ප්‍රමුඛතාවය ආර්ථිකය සඳහා ලබා දිය යුතු බවයි.

උතුරු කොරියාව “ජීවිතයත් මරණයත් අතර ප්‍රභල අරගලයක” නිරත වන බවත්, මේ සඳහා ඇති ප්‍රධාන විසඳුම ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් හෙතෙම අවධාරණය කර තිබේ.

උතුරු කොරියාවේ උග්‍ර ආහාර හිඟයක් මතුව ඇති අතර, මීට හේතුව කොවිඩ් අවදානම මත එරට විසින් පැනවූ දැඩි නීතීන් බවට සඳහන්.

2021 වර්ෂය ඉතා කටුක කාලවකවානුවක් බවට පිළිගත් උතුරු කොරියානු නායකයා, ජනතාවගේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස ගැටළුව විසඳීමේ රැඩිකල් ප්‍රගතියක් ලබා ගත යුතු බවට පෙන්වා දුන් අතර, ඒ සඳහා 2022 වසර වෙන්වනු ඇති බව ද සඳහන් කර තිබේ.

ඒ අනුව, සංවර්ධනය සහ එරට ජනතාවගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම මෙම වසරේ උතුරු කොරියාවේ ප්‍රධාන කාර්යභාරය වනු ඇත.

කෙසේවෙතත්, කොරියානු අර්ධද්වීපයේ පවතින වඩාත් අස්ථාවර හමුදා පරිසරය හේතුවෙන් ප්යොන්ග්යැංග් සිය ආරක්ෂක විධිවිධානයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද කිම් ජොන්ග්-උන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි