×

උතුරු කොරියාව ‘‘ලෝකයේ බලගතුම ආයුධය‘‘ නිරාවරණය කරයි : අති දැවැන්ත සබ්මැරීන මිසයිලයක්

ජනතාව සාගින්නෙන් පෙළෙමින් සිටින අතරවාරයේ උතුරු කොරියාව සිය නවතම සබ්මැරීන් මිසයිලය මහා උත්සවයක් පවත්වා නිරාවරණය කළේය.


එය අලුත් ප්‍රභේදයක සබ්මැරීන් මිසයිලයක් වන අතර, රාජ්‍ය මාධ්‍ය විසින් එය විස්තර කළේ ‘ලෝකයේ වඩාත්ම බලගතුම ආයුධය‘‘ ලෙස ය.

කිම් ජොන්-උන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී වර්ග කිහිපයක සබ්මැරීන 4 ක් පමණ නිරාවරණය කරනු ලැබිණි. මෙම උත්සවය පවත්වනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය ‘තමන්ගේ ලොකුම දේශපාලන හතුරා‘ වශයෙන් කිම් ජොන්-උන් විසින් හැඳින්වූ උත්සවයකට පසුව ය. එම උත්සවයේදී කිම් ජොන්-උන්ග් මහත් ජයග්‍රාහී විලාසයෙන් සහ සතුටෙන් යුතුව සිටින ආකාරය ද දැකගත හැකි විය. මෙම ආයුධය නිරාවරණය කිරීම, ජෝ බයිඩන් ඇමරිකාවේ මීළඟ ජනපතිවරයා ලෙස දිවුරුම් දීමට දින 5කට පෙර එළිදැක්වීම ද විශේෂත්වයකි.

‘‘ලෝකයේ බලවත්ම ආයුධය – සබ්මැරීනයක් මගින් දියත් කළ හැකි බැලස්ටික් මිසයිලය විප්ලවීය සන්නද්ධ හමුදාවේ උත්තමභාවය ප්‍රදර්ශනය කරනවා.‘‘ යැයි ද උතුරු කොරියාවේ නිල පුවත් ඒජන්සියක් වන ‘කොරියන් සෙන්ට්‍රල් නිව්ස් ඒජන්සි‘ ප්‍රකාශ කළේය.

 

මෙය, උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂය වසර 5 ක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයක අවසානය සටහන් කරයි.

ඇමරිකාවේ ඕනෑම තැනකට පහර දිය හැකි තවත් මිසයිලයක්

කෙසේ නමුත් මෙම ආයුධ ප්‍රදර්ශනයට උතුරු කොරියාව සතුව තිබූ ලොකුව අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය වන ICBM අන්තර්ගත නොවීම ද වැදගත් කාරණයකි. ඔවුන් මෙම දැවැන්ත මිසයිලය නිරාවරණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ය. මෙම මිසයිලය ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි එකක් වන අතර, එහි විශාලත්වය ලොව පුරා න්‍යෂ්ටික මිසයිල විශේෂඥයන් පවා පුදුමයට පත් කර තිබිණි.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග යම් ආකාරයක සන්ධානයක් පෙන්නුම් කළ කිම් ජොන්-උන්, නව ඇමරිකානු පාලනය හමුවේ සිය න්‍යෂ්ටික මස්පිඬුවල හයිය ප්‍රදර්ශනය කරමින් සිටින්නේ කලාපීය සහයෝගිතාවයන් සුණු විසුණු කරමින්, ඇමරිකාවේ වැඩ ලැයිස්තුව තවත් දීර්ඝ කරමිනි.

Photos: KCNA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි