×

ට්‍රම්ප් එන්නේ හොඳ අදහසකින්නම් නැවත හමුවන්න සූදානම් – කිම්, කියයි.

තෙවන හමුවක් සම්බන්ධව සිය අදහස් ප්‍රකාශ කරමින් කිම් ජොන් උන් පවසා සිටියේ මෙම වසර අවසන් වීමට පෙර ඇමරිකාවට යම් ධෛර්ය සම්පන්න තීරණයකට එළඹීමට තමන් ඇමරිකාවට කාලය ලබා දෙන බවයි.


දෙවන වටයේ සාකච්ඡා සිතූ තරම් සාර්ථක නොවූවද තෙවන සාකච්ඡා වටයක් පිළිබදව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රතිචාර ලෙස කිම් ජොන් උන් පවසන්නේ ඇමරිකාව නිවැරදි අදහසකින් යුතුව සාකච්ඡා සදහා පැමිණෙන්නේනම් පමණක් තමන්ද ඊට සූදානම් බවයි.

මෙම නායකයන් දෙදෙනා, පළමු වටයේ සාකච්ඡා පසුගිය වසරේ සිංගප්පූරුවේදී පවත්වන ලදී. එහිදී මූලිකම අවධානය යොමූ වී තිබුණේ උතුරුකොරියාවේ න්‍යශ්ටික අවිහරණය සම්බන්ධවයි. කෙසේ වෙතත් පළමු සාකච්ඡා වටය යම් සාර්ථකත්වයක් දැක් වූවද උතුරු කොරියාව සිය න්‍යෂ්ඨික අත්හදා බැලීම් කිසිසේත් නවත්වන්නට සූදානම්ක් ඇති බවට පොරොන්දු නොවී ය. ඒ අනුව පසුගියදා වියට්නාමයේ හැනොයී හී දී දෙවන වටයේ සාකච්ඡා පැවතුන අතර එම සාකච්ඡා අවසන් වූයේ කිසිදු තීරණයකින් තොරවය. මෙම සාකච්ඡා වටයේදී කිම් ජොන් උන් පවසා සිටියේ තමන්ට න්‍යෂ්ටික අවි වලින් ඉවත් වන්නටනම් ඇමරිකාව සම්පූර්ණයෙන්ම තමන්ට ඇති සම්බාධක ඉවත් කළ යුත් බවයි. මේ සදහා ට්‍රම්ප් සිය කැමැත්ත ප්‍රකාශ නොකළේය.

තෙවන හමුවක් සම්බන්ධව සිය අදහස් ප්‍රකාශ කරමින් කිම් ජොන් උන් පවසා සිටියේ මෙම වසර අවසන් වීමට පෙර ඇමරිකාවට යම් ධෛර්ය සම්පන්න තීරණයකට එළඹීමට තමන් ඇමරිකාවට කාලය ලබා දෙන බවයි.

කිම් ජොන් උන් මෙම අදහස් දක්වා ඇතිතේ පසුගියදා දකුණු කොරියානු නායකයා සමග වොෂින්ටනයේදී පැවති සාකච්ඡාවලදී ට්‍රම්ප් විසින් උතුරු කොරියානු නායතයා හැ තමන් අතර ඉදිරි හමුවක් සදහා ඉඩකඩ පවතින බවට සිදු ක ප්‍රකාශයන්ද සමගිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි