×

උතුරු කොරියාව දින 5 ක් තුළ දෙවන වරටත් මිසයිල යවයි!

උතුරු කොරියානු - ඇමරිකානු කඹ ඇදිල්ලෙන් න්‍යෂ්ටික ලෝකය නැවත නොසන්සුන්


උතුරු කොරියාව දින 5 ක් තුළ දෙවැනි වරටත් මිසයිල පරීක්ෂාවක යෙදුණේය.

මෙය, 2017 නොවැම්බරයේ උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුව සිදුකළ දෙවන මිසයිල පරීක්ෂාවයි. පළමු මිසයිල පරීක්ෂාව පසුගිය සෙනසුරාදා වාර්තා වූ අතර, එහිදී ද කෙටි දුර මිසයිල ගණනාවක් අත්හදා බලනු ලැබිණි.

ජාත්‍යන්තර කැළඹීමක් ඇති කරමින් කුසොන්ග් නගරයෙන් අද දින (09) කිලෝමීටර 50 ක් ඉහළ අහසට විදිනු ලැබුවේ කෙටි දුර මිසයිල 2 කි.

ඒවා සැතපුම් 260 ක් සහ සැතපුම් 270 ක් දුර ගමන් කර රටේ නැගෙනහිර දිශාවෙන් මුහුදට පතිත වූ බව BBC පුවත් සේවය ප්‍රකාශ කරයි.

කුසොන්ග් නගරය පිහිටා තිබෙන්නේ පයොන්ගියැන්ග් අගනුවරට කි.මී. 160 ක් පමණ නුදුරිනි.

මෙම සිදුවීම වාර්තා වන්නේ න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ සාකච්ඡා සඳහා ප්‍රධාන පෙළේ ඇමරිකානු නියෝජිතයෙක් ( Stephen Biegun ) දකුණු කොරියාවට පැමිණීමෙන් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

ඇමරිකාව විසින් උතුරු කොරියාව සමග පසුගිය වසරේ ඇතිකරගත් වර්ධනීය න්‍යෂ්ටික සාම සාකච්ඡා පුළුල් අන්දමින් ඉදිරියට නොයාම පිළිබඳ උතුරු කොරියාව මේ අන්දමින් අප්‍රසාදය පළ කරමින් සිටින බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පවසති.

කඹ ඇදිල්ල

උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර 2019 පෙබරවාරි මාසයේදී මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුණේ වියට්නාමයේදී ය. නමුත් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය. එහිදී ඇමරිකාව සුපුරුදු පරිදි පැවසුවේ උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික වැඩ පිළිවෙළ අත් හැරිය යුතු බව ය. එසේ කිරීමට නම් මුලින් උතුරු කොරියාවට පනවා තිබෙන සම්බාධක ඉවත් කළ යුතු බව උතුරු කොරියාව පැවසුවේය. කිසිවෙක් පළමු පියවර තැබීමට තරම් නිහතමානී වූයේ නැත. පෙබරවාරියේ පැවති වියට්නාම් සාකච්ඡා ද කඹ ඇදිල්ලකින් අවසන් වූයේ ඒ අනුව ය.

මේ අතර ඇමරිකාව දිගින් දිගටම සිය යුධ ශක්තිය පෙන්වමින් දකුණු කොරියාව සමග හවුල් යුධ අභ්‍යාසවල නිතර වීම ද පසුගිය දිනවල උතුරු කොරියානු නායකයාගේ ඉවසීම සිඳ දැමූ සිදුවීමක් බවට පත්ව තිබිණි.

Map of Kusong in North Korea
BBC

මේ අතර, බීබීසී පුවත් සේවයේ විශ්ලේෂක සහ ආරක්ෂක වාර්තාකරු ජොනතන් මාකස් පවසන්නේ උතුරු කොරියාව විසින් ‘කැල්කියුලේටඩ් ප්‍රොවොකේෂන්‘ calculated provocation හෙවත් ‘සූදානම් ශරීරයෙන් යුතුව සිදුකරන කුපිත කිරීමක‘ යෙදී සිටින බවයි. ඔහු විසින් කරන සඳහන පහත දැක්වේ.

A calculated provocation

Analysis box by Jonathan Marcus, defence correspondent

මෙම අලුත්ම උතුරු කොරියානු මිසයිල පරීක්ෂා මගින් පයොන්ග්ගියැන්ග් (උ.කො. අගනුවර) මිසයිල අත්හදා බැලීම් සම්බන්ධව ‘රටාවක්‘ ස්ථාපිත කරමින් සිටියි.

මිසයිල පරීක්ෂා වැඩසටහන පැහැදිලිවම ක්‍රියාවට නැංවෙමින් ඇත. එහි ඉලක්කය, ඇමරිකානුවන්ට (සහ කෙටි දුර මිසයිලවල ඉලක්කය වන දකුණු කොරියාවට) පැහැදිලිවම, රාජ්‍ය තාන්ත්‍රික සංඥාවක් යැවීමයි. ඒ, උතුරු කොරියාවේ ඉවසීම සිඳී යමින් තිබෙන බවට ය.

පසුගිය සතියේ පයොන්ග්ගියැන්ග් විසින් කෙටි දුර මිසයිල අත්හදා බැලීම මගින් ආරම්භ කළ එපිසෝඩයේදී එම භාවිතා කළ විශේෂිත න්‍යෂ්ටික ආයුධයේ ස්වභාවය ගැන තවම පැහැදිලි කිරීමක් නැත.

කෙසේ නමුත් අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බැලීමේදී උතුරු කොරියාව තවදුරටත් ප්‍රවේශම් සහගත වන බව පෙනේ. ඒ අනුව ඇමරිකාවට සෘජු ලෙස තර්ජනය කිරීමට ඔවුන් තවමත් ඉක්මන් වන්නේ නැත.

නමුත් ඇමරිකාව සමග පවතින මෙම ‘අවිධිමත් ඩීල් එක‘ මේ වසරේ අග අවසන් වීමට නියමිත ය. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මේ සම්බන්ධයෙන් සැලකිය යුතු යමක් සිදු නොවන්නේ නම් ඇතැම්විට උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බැලීම්වලට ද යොමුවීමට ඉඩ තිබේ.ෙ

Presentational grey line

දැනටමත් න්‍යෂ්ටික බෝම්බයක් හදලා!

පසුගිය වසරේ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පැවසුවේ තමන් න්‍යෂ්ටික අත්හදා බැලීම් නරත කරන බව ය. තවද අන්තර් මහද්වීපික මිසයිල අනාගයේදී දියත් නොකරන බව ය.

නමුත් චන්ද්‍රිකා නිරීක්ෂණවලින් දිගින් දිගටම පෙනී ගියේ උතුරු කොරියාව සිය ප්‍රධාන න්‍යෂ්ටික ක්ෂේත්‍රයන් හි විකිරණශීලී ක්‍රියාකාරකම්වල නිරත වන බවයි. ඒ අනුව ඔවුන් විසින් විකිරණශීලී අමුද්‍රව්‍ය, ‘බෝම්බ ඉන්ධන‘ බවට පත් කරමින් සිටින බවට සැක කෙරේ.

උතුරු කොරියාව මේ වන විට කියා තිබෙන්නේ තමන් විසින් කුඩා න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කර තිබෙන බවයි. එය, දිගු දුර මිසයිලයක් තරමට බලසම්පන්න බවද ඔවුන් කියා ඇත. තවද ඇමරිකාව වෙත ළඟා විය හැකි බැලස්ටික් මිසයිල ද තමන් නිපදවා ඇති බව ඔවුහු කියති.

In other developments:

  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත උතුරු කොරියාව කියා සිටියේ ‘ජීවත් වීමේ අයිතිය සහ මූලික මිනිස් නිදහස‘ වෙනුවෙන් සිය රට කැපවන බව ය. නමුත් ලෝකය විසින් පනවා ඇති සම්බාධක නිසා ඒවා උතුරු කොරියානුවන්ට භුක්ති විඳිය නොහැකි තත්වයක් මතුව තිබෙන බව ද ඔවුහු පවසති.
  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාව කියා සිටියේ උතුරු කොරියාව විසින් දේශපාලන බන්ධනාගාර කඳවුරු ඉවත් කළ යුතු බව ය.
  • ඒවායේ රැඳවියන් 80,000 ත් 120,000 ත් අතර පිරිසක් සිටින බවත්, ඒ සියලුම දෙනා නිදහස් කළ යුතු බවත් ඇමරිකාව අවධාරණය කළේය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි