×

ට්‍රම්ප්ගෙන් කිම් වෙත පෞද්ගලික ලිපියක් ! විශිෂ්ඨ අන්තර්ගතයක් – කිම්ගෙන් පැසසුම්

කිම් ට අනුව නම් ට්‍රම්ප්ගේ ලිපිය අති විශිෂ්ඨ එකකි. නැවත නැවත කියවිය හැකි රසවත් අන්තර්ගතයක් සහිත එකකි.


උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් වෙත ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලික ලිපියක් ලියා එවා ඇති බව උතුරු කොරියානු පුවත් විසින් අනාවරණය කරයි.

මේ දිනවල ලෝකයේ රටවල් සියල්ලටම පාහේ ඇගිලි ගසමින් සිටින ට්‍රම්ප් මෙසේ පෞද්ගලිකව සිය හතුරු ලැයිස්තුවේ ඉහළින්ම සිටි කිම් වෙත ලිපියක් ලියා දන්වන්නට ඇත්තේ කුමක්ද

කිම් ට අනුව නම් ට්‍රම්ප්ගේ ලිපිය අති විශිෂ්ඨ එකකි. නැවත නැවත කියවිය හැකි රසවත් අන්තර්ගතයක් සහිත එකකි.
ලිපිය කිම් වෙත ලැබුණේ කවදාදැයි යන්න හරිහැටි අනාවරණය නොවන අතර පසුගිය පෙබරවාරියේ වියට්නාමයේදී දෙදෙනා අතර පැවති හමුවෙන් පසු කිම් සහ ට්‍රම්ප් ඊට පෙර සිංගප්පූරු හමුවේදී ඇති කරගත් මිතුරුදමත් පළුදු කර ගත්තේ කිසිදු එකග තාවකට පැමිණිය නොහැකි වීමත් සමගිනි.

වියට්නාමයේදී කිම් පවසා සිටියේ තමන් න්‍යෂ්ටික අවි වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ උතුරු කොරියාවට ඇති සම්බාධක සියල්ල කොන්දේසි විරහිතව ඉවත් කළහොත් පමණකි යනුවෙනි. නමුත් ට්‍රම්ප් ඊට එකග නොවීය.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ මේ දෙදෙනා අතර රසවත් ලිපි හුවමාරුවක් සිදු වී ඇති බවට වාර්ථාවන අවස්ථා කිහිපයක්ම වෙයි.
මෙම මස මුල් භාගයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා සිටියේ උතුරු කොරියාව කිම් ගේ නායකත්වය යටතේ අති විශාල දියුණුවක් අත් පත් කරගෙන ඇති බවයි.

එමෙන්ම පසුගිය මැයි මාසයේ ජපානය වෙත සංචාරයක නියැලෙමින් ට්‍රම්ප් පැවසූවේ කිම් ජොන් උන් යනු විශේෂ පුද්ගලයෙක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි