×

උතුරු ඉතාලිය මිලියන 16 ක ජනතාවක් නිරෝධායනය කරයි

ඉතාලියේ අගමැතිවරයා පවසා ඇත්තේ අවම වශයෙන් මිලියන 16 ක ජනතාවක් දැන් ලොම්බාර්ඩි කලාපයේ සහ පළාත් 14 ක අනිවාර්ය නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා තබා ඇති බවයි.


ඉතාලියේ අගමැතිවරයා පවසා ඇත්තේ අවම වශයෙන් මිලියන 16 ක ජනතාවක් දැන් ලොම්බාර්ඩි කලාපයේ සහ පළාත් 14 ක අනිවාර්ය නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා තබා ඇති බවයි.

මෙසේ එළබෙන අප්‍රේල් මස දක්වා රදවා තැබෙනු ඇත.

කොරෝනා වෛරසය පාලනය කිරීමට රට දරන ප්‍රයත්නය උත්සන්න වීමත් සමග රට පුරා ඇති ජිම්, තටාක, කෞතුකාගාර සහ ස්කී රිසෝර්ට් වසා දමනු ඇත.

යුරෝපයේ දරුණුතම බලපෑමට ලක්වූ රට ඉතාලිය වන අතර එහි පසුගිය සෙනසුරාදා සිට වෛරස් ආසාදන ඉහළ ගොස් තිබේ.

ඉතාලියේ මරණ සංඛ්‍යාව 230 ක් පසු කර ඇති අතර, පැය 24 ක් තුළ මරණ 50 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 1,200 සිට 5,883 ක් දක්වා වැඩි වී ඇති බව වාර්තා විය.

මිලියන 10 ක ජනතාවක් වාසය කරන ලොම්බාර්ඩි හි මුළු උතුරු කලාපය සහ ඉතාලියේ මූල්‍ය මධ්‍යස්ථානය වන මිලාන් හදිසි ප්‍රවේශයන් හැර වසා තබනු ඇති අතර වැනීසිය, පර්මා සහ මොඩෙනා ඇතුළු පළාත් 14 ක් එකම ක්‍රියාමාර්ගයකට යටත් වනු ඇත. මෙම පිරවරයන් මිලියන ගණනක් ජනතාවට බලපානු ඇත.

මොඩෙනා, පර්මා, පියසෙන්සා, රෙජියෝ එමිලියා, රිමිනි, පෙසාරෝ සහ උර්බිනෝ, ඇලෙස්සැන්ඩ්‍රියා, ඇස්ටි, නොවරා, වර්බානෝ කූසියෝ ඔසෝලා, වර්සෙලි, පාදුවා, ට්‍රෙවිසෝ සහ වැනීසිය යන පළාත් මෙම ප්‍රදේශවලට බලපා ඇති බව අගමැති ගුසෙප් කොන්ටේ පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි