×

ලොවම හඬවා ගිනි ගත් ප්‍රංශයේ කැණිමඩල ”නෝට්‍ර-ඩෑම්”

ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට දින කිහිපයක් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරේ.


වසර 850ක ඉතිහාසයක් ඇති ප්‍රංශය පමණක් නොව සමස්ත ලෝකයම ආදරය කළ පැරිස් නැවර පිහිටා තිබෙන නෝට්‍ර-ඩෑම් දෙවුමැදුරෙහි ඇති වූ ගින්නකින් එයට හානි සිදු විය.

පැරිස්හී නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසා සිටියේ ගින්න නිසා දෙවු මැදුරට ”විශාල වශයෙන් ” හානි සිදුව ඇති බවයි.එය නිර්මාණය කර ඇති ගොතික් ගෘහනිර්මාණ ශිල්පය හේතුවෙන් බෙහෝ දෙනක් මෙය නැරඹීමට දිනපතා පැමිණෙන අතර ඓතිහාසික සිතුවම් හා ජේසුස් වහන්සේ හිස දැරූ කටු ඔටුන්න ඇතුළු ක්‍රිස්තු භක්තිකයින් දේවත්වයෙන් සලකන පෞරාණික භාණ්ඩ මෙම දේවස්ථානයේ තැන්පත් කර ඇත. 13 වන සියවසේ ඉදි කළ ”රෝස ජනේල” මෙම දෙවු මැදුරේ වූ සුවිශේෂිතම ලක්ෂණයකි.

වාර්ෂිකව මෙහි පැමිණෙන සංචාරකයින් සහ වන්දනාකරුවන් මිලියන 13කි.

කාගේත් සිත් වශී කළ කුළුණ දෙකකින්ද යුත් වූ මෙම ගොඩ නැගිල්ල ක්‍රි ව 1200දී ඉදිකළ එකකි. මීටර් 68ක් සහ උඩට නගින විට අඩි 387ක් පියමැන යන්නට අවශ්‍යය. සිය රටේ හදවත බදු වූ නෝත්‍රේදාම් ගින්න පිළබදව ජනපති එමැනුවුල් මැක්‍රොන් ගින්න සිදුවී වැඩි වේලා යන්නට මත්තෙන් දෙවුමැදුරට පැමිණි අතර ඔහු පවසන්නේ එය නැවතත් ඉදි කරන බවයි. ඔහු සිය ජනතතාව ඉදිරියේ ඊට ප්‍රතිඥා දෙන ලදී . ගින්න නිසා ප්‍රධාන කුළුණු දෙකට හානියක් සිදුව නැතත් එහි වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මෙයට හේතුව තවමත් අනාවරණය වී නැතත් සැක කෙරෙන්නේ අලුත්වැඩියා කිරීම් සදහා භාවිත කරන යමක් නිසා ගින්න ඇති වන්නට ඇති බවයි.

ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට දින කිහිපයක් ගත වනු ඇති බවට අපේක්ෂාකෙරේ. ඉතිහාසයේ කිහිප වතාවක්ම මෙම දෙවු මැදුරට හානි සිදුව ඇතත් මෙතරම් විශාල ලෙස හානි වූ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්ථාවේ.

Flames and smoke billow around the gargoyles decorating the roof and sides of the Notre-Dame Cathedral in Paris on April 15, 2019. – A huge fire swept through the roof of the famed Notre-Dame Cathedral in central Paris on April 15, 2019, sending flames and huge clouds of grey smoke billowing into the sky. The flames and smoke plumed from the spire and roof of the gothic cathedral, visited by millions of people a year. A spokesman for the cathedral told AFP that the wooden structure supporting the roof was being gutted by the blaze. (Photo by THOMAS SAMSON / AFP)
Paris Fire brigade members are seen at an entrance that looks into the Notre Dame Cathedral as a fire continues to burn in Paris, France, April 15, 2019. REUTERS/Philippe Wojazer – RC1A7F5D1F40
Smoke billows as fire engulfs the spire of Notre Dame Cathedral in Paris, France April 15, 2019. REUTERS/Benoit Tessier – RC1AC7F22C50


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි