×

උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කරන්න එපා, ඇමරිකාව එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි

උතුරු කොරියාව න්‍යෂ්ටිකකරණය වැළැක්වීම සඳහා සාකච්ඡා පැවැත්වීම පවා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන බව ඇමරිකාව පවසයි..


න්‍යෂ්ටිකරණය වැළැක්වීම සඳහා සාකච්ඡා පැවැත්වීම පවා ප්‍රතික්ෂේප කරමින් “ප්‍රකෝපකාරී” ලෙස හැසිරෙන උතුරු කොරියාව සඳහා පැනවූ සම්බාධක ඉවත් කිරීම කිසිසේත් යෝග්‍ය නොවන බව ඇමරිකා එක්සත් ජනපදය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

පසුගිය කාලයේ මුහුදු ආහාර, රෙදිපිළි, ප්‍රතිමා, ආදී භාණ්ඩ අපනයනය කිරීම සඳහා උතුරු කොරියාවට පනවා තිබූ සම්බාධක ඉවත් කරන ලෙස චීනය හා රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ උතුරු කොරියාවේ ප්යොංයැං අගනුවර හා එක්සත් ජනපදයේ වොෂිංටනය අතර සාකච්ඡා දිරි ගැන්වීමේ අරමුණින් ය.

කෙසේ වෙතත් එකී යෝජනාවට එක්සත් ජනපදය සිය සෘජු විරෝධය පළ කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි