×

ගිනි තබා මරා දැමුවද,අවසන් හුස්ම තෙක් තමන්ව අපයෝජනය කළ පාපතරයන්ට විරුද්ධව සටන් කළ නුස්රත් ජහාන්

"ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා"


තමනට එරෙහිව එල්ල වන ලිංගික අඩන් තේට්ටම් පමණක් නොව සියලු තාඩන පීඩන වලට එරෙහිව නැගී සිටින්නට දකුණු ආසියාතික රටවලට ලැබෙන ඉඩ ප්‍රස්තා අඩුය. විශේෂයෙන්ම එසේ කළ හොත් සමාජය තුළ ඔවුන් තව දුරටත් කොන්වීම පමණක් නොව එල්ල වන පීඩන තව දුරටත් වැඩි වීම මෙයට හේතුවයි.

මෙකී තත්ත්වය මත පසුගියදා බංග්ලාදේශය තුළ ඇති වූ ඛේදවාචකයක් පිළිබද අද ලෝකයම කථා බහකරන්නට පට්න් ගෙන ඇත.
බංගලාදේශයේ ඩකා අගනුවරට දකුණු දෙසින් කිලෝමීටර් 160ක් දුරින් පිහිටි ෆෙනී නගරයේ ජීවත් වූ නුස්රත් ජහාන් රාෆි 19 හැවිදිරි පාසැල් දැරිවියකි. ඇයව පසු ගියදා තමන් ඉගෙන ගන්නා පාසල තුළදී ම භූමිතෙල් දමා ගිනි තබා ඝාතනය කර තිබේ.

ඇයට එසේ අකාලයේ ඉතා දරුණු ලෙස මිය යන්නට සිදුවූයේ තමන්ට ලිංගික අඩන්තේට්ටම් කළ පාසැලේ මුල් ගුරුවරයාට එරෙහිව හඩ නැගීමය. මිය යන්නට දෙසතියකට පෙර පාසලේ ප්‍රධාන ගුරුවරයා තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළාය. පසුගිය මාර්තු 27 වන දා පාසලේ ප්‍රධාන ගුරුවරයා ඇය සිය කාර්යාලයට ගෙන්වාගෙන දිගින් දිගට ම අනවශ්‍ය ආකාරයට ස්පර්ශ කළා යැයි යන්න ඇගේ පැමිණිල්ලයි.
ඉන් දින පහක් ගිය තැන මුල් ගුරුවරයා විසින් ඇයව පාසල තුළදීම භූමිතෙල් වලින් ඇයව නහවා ගිනි තබා මර දමන ලදී.

නැස්රත් වැනිම තවත් දැරීවියන් මෙසේ පාසැල් තුළ අපයෝජනයට ලක් වූවද ඔවුන් කිසිවෙක් තමනට වන අකටයුතු කම් ගැන හඩ නොනගා සිටින්නේ තමන්ට අත්වන ඉරණම් ගැන ඔවුන් දන්නා බැවිනි. ඒ ගැන ඔවුන්ට ගැලවිල්ලක්නම් නැත. ඒ සියල්ලටම එරෙහිව ගිය නුස්රත් තමන්ට සිදුවූ අකටයුතුකම ගැන පොලීසියට සැල කළාය. නමුදු ඇයට පොලීසියේදීද මුහුණ පාන්නට වූ තත්ත්වය තවත් කටුක විය.
ඇය මුහුණ පෑ සිද්ධිය ගැන පවසද්දී අදාළ පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් එය වීඩියෝගත කිරීමට තරම් ඔහුද අමානුෂීය වී තිබිණි.

නුස්රත් එම අවස්ථාවේ මහත් අපහසුතාවට පත්ව සිය අත්ලෙන් මුහුණ සඟවා ගැනීමට උත්සහ කරන අයුරු වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැක ගත හැකිය.

මෙය “ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි” යැයි පවසන පොලිස් නිලධාරියා මුහුණෙන් අත් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින ආකාරය මෙම වීඩියෝවේ දක්නට ලැබේ. පසුව මෙම වීඩියෝව මාධ්‍යයට ලබා දීමට ද ඔහු ක්‍රියා කර තිබිණි.

කෙසේ හෝ වේවා ඇගේ පැමිණිල්ලට අනුව පාසැලේ විදුහල්පතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය. ඒත් ඉන් ගැලවෙන්නටනම් ඇයට නොහැකි වියත මන්ද පාසැලේම කණ්ඩායමක් විසින් විදුහල් පතිවරයා නිදහස් කරන්නැයි ඉල්ලා සිටීමත් සමග බලපෑම් එල්ල වීමය. මේ සදහා මුල් වී සිටියේ දේශපාලකයෙකු සහ තවත් සිසුන් දෙදෙනෙකි. ඔවුන් පවසා සිටියේ වරද මේ අහිංසක දැරියගේ බවයි. වරදක් නොකළ නුස්රත් ට තාඩන පීඩන වැඩි වූ අතර ඇයට විරුද්ධවි විවිධ කට කථාද පැතිරෙන්නට විය.

ඇයට පාසැල වෙත යන්නට හැකියාවක් කෙසේවත් නොතිබිණි. නමුත් ඇගේ අවසාන විභාගයට මුහුණ දීමට කෙසේ හෝ පාසැලට යන්නට සිදු වූයෙන් ඇය සිය සොහොයුරාද සමග පාසැල වෙත ගියාය. එහිදී සහෝදරයා වන මහ්මුදුල් හසන් නොමාන් ට ඇතුල් වීමට අවසර නොලැබුණ අතර ඇයට පාසැලට යන්නට අවසර ලැබිණි.

ඇයව පාසැලට ගිය පසු තවත් යෙහෙළියකට පහර දෙන බව පවසමින් ඈව පාසැල් ගොඩනැගිල්ලේ වහළය මතට රැගෙන ගියාය.. ඉන්පසු ඇයට තමන්ට වූ අසාධාරණයන්ට විරුද්ධ වීම වෙනුවෙන් සාධාරණය වෙනුවට පළිගැනීම් වල උපරිමයට මුහුණ දෙන්නට සිදු විය. බුර්කාව ඇග ලා ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඇයට තර්ජනය කළේ මුල් ගුරුවරයාට විරුද්ධ පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසයි. ඇය එයට විරුද්ධ වූවාය. තමන් ට වූ අසාධාරණය ගැන වේදනාව ඇත්තේ ඇයටයි. ඇය ඊට දඩුවම් දිය යුත්තන්ට දඩුවම් කළ යුතුය යන මතය ඉවත් කර නොගත්තාය. ඒත් සමග ඈ වටා සිටි බුර්කාව හැදගත් පිරිස් ඇයගේ සිරුරට භූමිතෙල් වත් තොට ගිනි තැබුවෝය. ගිනි තබා ඔවුන් දිව ගියේ එය සිය දිවි නසා ගැනීමක් බවට ඔප්පු කිරීමටය.
නමුත් ඔවුන්ට ඔවුන්ගේ සැළසුම් ව්‍යර්ථ වූයේ ඇයව තවත් පිරිසක් විසින් බේරා ගැනීමත් සමගිනි.


ඇගේ හිස ගින්නට හසු නොවූයේ අයෙක් ඇගේ හිස පහක් කොට අල්ලාගෙන සිටීම හේතුවෙනි. ඈව ඉක්මණින් රෝහල් ගත කළහ. ඒ වන විටත් අසීරුවේන හුස්ම ගත් ඈ සිය සොහෝයුරාගේ දුර කථනයෙන් ප්‍රකාශයක් පටිගත කලේ ගිලන් රථයේ සිටියදීය. ඈ මෙසේ පැවසුවාය “ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා”
එමෙන් ම, ඇයට පහර එල්ල කළ සමහර ප්‍රහාරකයන් එම පාසලේ ම සිසුන් බවට ඇය හඳුනා ගත් බවද ඈ පැවසුවාය.
රෝහල් ගත කළ පසු වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ සිරුරෙන් 80%ක්ම පිළිස්සී ඇයට බරපතල තුවාළ සිදුව ඇති බවයි. ඇය අවසන් හුස්ම තෙන් සටන් කළාය 19 හැවිරිදි අහිංසක යුවතිය තමන් කිසිසේත් නොකළ වරදකට පසු ගිය අප්‍රේල් 10 වන දින සදහටම සිය දෙනෙත් වසා ගත්තාය.
සිද්ධියේ ප්‍රධානම අපරාධකරු වූ විදුහල්පතිවරයා මේ වන විටද සිටින්නේ අත්අඩංගුවේය. තවත් 15 දෙනෙකු අත්අඩංගුවට පත් කර ඇත. අගමැතිනිය ෂයික් හසීනා මිය ගිය නුස්රත්ගේ පවුලේ අය හමුවෙමින් පැවසුවේ “මේ අපරාධයට සම්බන්ධ කිසි ම කෙනෙකුට නීතියෙන් බේරෙන්න දෙන්නේ නැහැ,” යනුවෙනි.

නුස්රත් මෙන්ම හිංසනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් මේ වන විට බංග්ලාදේශය පුරා උද්ඝෝෂණ සිදුවේ.

”කාන්තාවන් තමන්ට සිදුවන හිංසන වලට විරුද්ධව කටයුතු කරන්නැහැ.. බුර්කාව නොවෙයි යකඩෙන් නිම වුණ ගවුම් ඇන්දත් කාන්තා දූෂකයින් නවත්වන්න බැහැ”
අනෝවාර් ෂෙයික් විසින් බී බී සී බෙංගාලි සේවයේ ෆේස්බුක් පිටුවේ එසේ සටහන් කර තිබුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි