×

නවසීලන්තය ගිනි අවි නීතිය වෙනස් කිරීමට සැරසේ.

මෙම මස 25 වන දින නව සංශෝධන ගෙන ඒමට නියමිතය


පසුගියදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච් හී ඇති වූ බිහිසුණු වෙඩි තැබීමත් සමග පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

මේ වන විටත් මෙම සිදුවීමට වග කිව යුතු 28 හැවිරිදි ඔස්ට්‍රෙලියානු ජාතික බ්‍රැන්ටන් ටොරන්ට් නවසිලන්ත අධිකරණය විසින් මේ සියළු මරණයන් සදහා වරද කරු බවට පත් කරන ලදී,

සිදුවූ මෙම ඛේදවාචකය සම්බන්ධව එරට අගමැතිවරිය වන ජසින්ඩා ආර්ඩෙන් විසින් ප්‍රකාශ කර සිටියේ සිය පාර්ලිමේන්තුව මගින් මේ සම්බන්ධව තීරණයක් ගන්නා බවයි.
ඒ අනුව මෙම මස 25 වන දින නව සංශෝධන ගෙන ඒමට නියමිත අතර ප්‍රහාරයෙන් පසු 10 වන දිනයේදීම මෙවැනි සංශෝධනයන් ගෙන ඒමට හැකි වීම පිළිබදව ඇය සතුට ප්‍රකාශ කලාය.

අප පාර්ලිමේන්තුවක් ලෙස තීරණයක් ගනු ලැබුවා.. අපි ඒකමුතුයි… ඇය පවසා සිටින්නීය.
තවද නවසිලන්තයේ පොලිස් සම්මේලනය විසින් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි