×

ගිනි කඳු පිපිරීමට ගොදුරු වූවන් පිළිබඳ පූර්ණ ලෙස හඳුනා ගැනීමට නවසීලන්ත පොලීසිය සමත් වේ.

ගිනි කඳු පිපිරීමට ගොදුරු වූවන් පිළිබඳ පූර්ණ ලෙස හඳුනා ගැනීමට නවසීලන්ත පොලීසිය සමත් වේනවසීලන්ත පොලිසිය පවසන්නේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යාමෙන් මියගිය 18 දෙනා හඳුනා ගැනීම සම්පූර්ණ කර ඇති බවයි.


ගිනි කඳු පිපිරීමට ගොදුරු වූවන් පිළිබඳ පූර්ණ ලෙස හඳුනා ගැනීමට නවසීලන්ත පොලීසිය සමත් වේනවසීලන්ත පොලිසිය පවසන්නේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යාමෙන් මියගිය 18 දෙනා හඳුනා ගැනීම සම්පූර්ණ කර ඇති බවයි.

පුද්ගලයින් 17 දෙනෙකුගේ නම් සහ ජාතිකත්වයන් මුදා හැර ඇති නමුත් ඕස්ට්‍රේලියානු රෝහලකදී මියගිය එක් පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ නම් කර නොමැත. නම් කරන ලද දෙදෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත; ඔවුන් දිවයින අසල මියගොස් ඇතැයි අනුමාන කෙරේ. නමුත් අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා ඔවුන් සෙවීම කල් දැමීමට පොලිසියට බල කෙරී ඇත.

පසුගිය සඳුදා ගිනි කන්ද පුපුරා යාමේදී දිවයිනේ පුද්ගලයින් 47 දෙනෙකු සිටි බව වාර්ථා වේ. 19 හැවිරිදි ජෙසී ලැන්ග්ෆර්ඩ් ඇතුළු 20 දෙනෙකු පමණ තවමත් දරුණු පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ජෙසී ලැන්ග්ෆර්ඩ්, ලැන්ග්ෆර්ඩ් පවුලේ දිවි ගලවා ගත් එකම සාමාජිකයා යැයි සැලකේ.

ගිනි කන්ද පිපිරීමෙන් මියගිය පිරිස් වයස අවුරුදු 13 ත් 53 ත් අතර වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවෙන් හා එක්සත් ජනපදයෙන් පැමිණි අය බව පොලිසිය පැවසීය. මුදා හරින ලද ලැයිස්තුවේ සදහන් නම් නම්;

  • ඕස්ට්‍රේලියාවේ 32 හැවිරිදි රිචඩ් ආරොන් එල්සර්
    එක්සත් ජනපදයේ 49 හැවිරිදි බාබරා ජීන් හොලන්ඩර්
    එක්සත් ජනපදයේ 16 හැවිරිදි බෙරෙන්ඩ් ලෝරන්ස් හොලන්ඩර්
    එක්සත් ජනපදයේ 13 හැවිරිදි මැතිව් රොබට් හොලන්ඩර්
    ඕස්ට්‍රේලියාවේ 48 හැවිරිදි මාටින් බෙරෙන්ඩ් හොලන්ඩර්
    ඕස්ට්‍රේලියාවේ 47 හැවිරිදි ජුලී රිචඩ්ස්
    ඕස්ට්‍රේලියාවේ 20 හැවිරිදි ජෙසිකා රිචඩ්ස්
    ඕස්ට්‍රේලියාවේ 21 හැවිරිදි ක්‍රිස්ටල් ඒව් බ්‍රොවිට්
    නවසීලන්තයේ 24 හැවිරිදි ටිපීන් මාන්ගි
    ඕස්ට්‍රේලියාවේ පදිංචි 15 හැවිරිදි සෝ එලා හොස්කින්
    ඕස්ට්‍රේලියාවේ 53 හැවිරිදි ගේවින් බ්‍රයන් ඩාලෝ
    ඕස්ට්‍රේලියාවේ 32 හැවිරිදි කාර්ලා මිෂෙල් මැතිව්ස්
    ඕස්ට්‍රේලියාවේ 33 හැවිරිදි ජේසන් ඩේවිඩ් ග්‍රිෆිත්ස්
    ඕස්ට්‍රේලියාවේ 45 හැවිරිදි ක්‍රිස්ටීන් එලිසබෙත් ලැන්ග්ෆර්ඩ්
    ඕස්ට්‍රේලියාවේ 51 හැවිරිදි ඇන්තනි ජේම්ස් ලැන්ග්ෆර්ඩ්

අතුරුදන් වූවන් ලෙස

  • ඕස්ට්‍රේලියාවේ 17 හැවිරිදි විනෝනා ජේන් ලැන්ග්ෆර්ඩ්
    නවසීලන්තයේ 40 හැවිරිදි හේඩන් බ්‍රයන් මාෂල්-ඉන්මන් නම් කර ඇත.

පොලීසිය පවසන්නේ ඔවුන් තවමත් අතුරුදන්ව සිටින්නන් පිලිබද සෝදිසි මෙහෙයුම් කාලගුණික තත්ත්වයන්ට අනුව යටත්ව අඟහරුවාදා පසුව සිදු කළ හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි