×

ඔඩිස්සා මාරක දුම්රිය අනතුර පිළිබඳ විමර්ශනය එරට ඉහළම රහස් පරීක්ෂක ඒජන්සියට භාර දිය යුතු බවට දුම්රිය සේවා භාර ඇමතිවරයා ඉල්ලයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ඇමතිවරයා ප්‍රකාශ කර තිබුනේ, මෙම සාපරාධී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත්, මෙම අනතුර ඉලෙක්ට්‍රොනික අන්තර් අගුලු දැමීමේ වෙනසක් හේතුවෙන් සිදුව ඇති බවත්ය.


පුද්ගලයන් 275 දෙනෙකුට මරු කැඳවමින් 1000කට අධික පිරිසක් තුවාලකරුවන කරමින් සිය ආදරණීයන් අහිමි කරමින් පසුගියදා ඉන්දියාවේ සිදු වූ මාරාන්තිකම දුම්රිය අනතුර වන ඔඩිස්සා දුම්රිය අනතුර වෙනුවෙන් පරීක්ෂණ කටයුතු කිරීමට ඉන්දියාවේ ඉහළම රහස් පරීක්ෂක ඒජන්සිය වෙත ලබාදිය යුත් බවට දුම්රිය අමාත්‍ය අශ්විනි වෛෂ්නව් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේවන විට කරන ලද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ සංඥා දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.

කෙසේ නමුත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී දුම්රිය මණ්ඩලය, විසින් බරපතල මූල්‍ය වංචා සහ මිනීමැරුම් ඇතුළු ඉහළ පෙළේ සාපරාධී හේතු විමර්ශනය කරන රටේ ඉහළම රහස් පරීක්ෂක ඒජන්සිය වන මධ්‍යම විමර්ශන කාර්යාංශයට (CBI) මෙම පරීක්ෂණය භාර දෙන්නේ ඇයිද යන්න පැහැදිලි නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ඇමතිවරයා ප්‍රකාශ කර තිබුනේ, මෙම සාපරාධී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත්, මෙම අනතුර ඉලෙක්ට්‍රොනික අන්තර් අගුලු දැමීමේ වෙනසක් හේතුවෙන් සිදුව ඇති බවත්ය. ඛේදවාචකයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස විපක්ෂ නායකයින් දුම්රිය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති මුත් ඊට ප්‍රතිචාර වශයෙන් පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ අනතුර දේශපාලනීකරණය නොකරන ලෙසටයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි