×

පිහියක් අමෝරාගත් මෝටර් රථ රියැදුරෙක් නිසා ඇමරිකාවේ කැපිටල් හිල් බිල්ඩිම ලොක්ඩවුන් – පොලිස් භටයෙක් මරුට

ඇමරිකාවේ කොංග්‍රස් සභාව පිහිටා තිබෙන කැපිටල් හිල් ගොඩනැගිල්ල පසුගිය සමයේ පුවත් මැව්වේ ට්‍රම්ප්වාදී කලහකාරීන් එයට කඩාවැදීම නිසා ය.


නමුත් මෙයට පැය කිහිපයකට පෙර නැවතත් ශීර්ෂ පාඨ මැව්වේ, මෝටර් රථයක් පොලිස් බාධකය වෙත කඩා වැද පොලිස් භටයන් යටකරගෙන යාමට උත්සාහ කිරීම  සහ, මෝටර් රථයේ රියැදුරා, ඉන්පසුව පිහියක් අමෝරාගෙන පොලිස් භටයන්ට කඩා පැනීම නිසා ය.

මෙම සිද්ධියෙන් පොලිස් භටයෙක් මිය ගොස් ඇති අතර, පොලිස් වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ද මිය ගොස් ඇත.

මෙම සිදුවීමෙන් පසුව ප්‍රදේශය ලොක්ඩවුන් කර තිබේ.

බයිඩන් බලයට පැමිණීමෙන් පසුව ඇමරිකාවේ මේ වසර තුළ පමණක් දැනට පොලිස් භටයන් 5 දෙනෙක් මෙවැනි සිද්ධි නිසා මරණයට පත් ව තිබේ.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවෙතත්, සිද්ධියට පසුබිම් වූ කරුණු පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන බව පොලිසිය කියයි.

Photos: AP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි