ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ බොර තෙල් බැරල් මිලියන 2 ක් සහිත ‘සුපර් ටැන්කර්‘ වර්ගයේ අති දැවැන්ත තෙල් නැවක් ගිනි ගැනීමට පටන් ගැනීමත් සමග ලෝකයේ තෙල් නැව් අනතුරු සහ එයින් සිදුවූ මහා පාරිසරික හානි පිළිබඳ මතකයන් අවදි වෙමින් තිබේ. පහත දැක්වෙන්නේ මෑත ඉතිහාසයේ දරුණුම පාරිසරික විපත් සිදුකළ තෙල් නැව් අනතුරු 10 ක් දෙස ආපසු හැරී බැලීමකි.
Oil Spilled: 1 million barrels
Cost in 2010: $85 million
1991 අප්‍රේල් මස M/T Haven නෞකාව අති දැවැන්ත පිපුරුමකට ලක් වූ අතර, නැව් බඳ දෙකට කැඩී ගොස් දින තුනකට පසු එය ගිලී ගියේය. අනතුර සිදුවූයේ ඉතාලියට නුදුරෙන් තෙල් නැව ඉන්ධන ගොඩබෑම සිදුකරමින් සිටින විට ය.
ගිනි දැල් මීටර 100 කට වඩා ඉහළට විහිදුණේය. නාවිකයන් 6 දෙනෙක් විපතින් මරුමුවට පත් වූහ. ඉන්ධනවලින් බහුතරය ගිනිගත් බව නිල වාර්තාවල සඳහන් වේ. නමුත් පසුව හෙළිදරව් වූයේ තෙල් බැරල් 290,000 ක් පමණ සාගරයට කාන්දු වී ඇති බවයි. ඉතාලිය සහ ප්‍රංශය අසබඩ මධ්‍යධරණී මුහුදු තීරයට මෙයින් ඇති වූ බලපැම වසර 10 ක පමණ කාලයක් බලපැවැත්වූ බව කියැවේ.
Oil Spilled: 1.02 million barrels
Cost in 2010: $86.7 million
1988 නොවැම්බර් මාසයේදී ඇමරිකාවට අයත් ඔඩිසි‘ තෙල් කැණුම් අංගනය පිපිරී යාම නිසා බොර තෙල් බැරල් මිලියන 1 ක් සාගර ජලයට මුසු විය. අනතුර සිදුවූයේ කැනඩාවේ නැගෙනහිර වෙරළට සැතපුම් 700 ක් පමණ දුරිනි. කෙසේ වුවත් කාන්දුවූ තෙල්වලින් වැඩි කොටස දහනය වූ බව කියැවේ.
බොර තෙල් බැරල් මිලියන 1.02 ක් මෙම අංගනය තුළ වූ බව පසුව සොයා ගැනුණි.
Oil Spilled: 1.6 million barrels
Cost in 2010: $136 million
1978 මාර්තු මාසයේදී ‘අමෝකෝ කාඩිස්‘ නමැති තෙල් ප්‍රවාහන නෞකාව අනතුරට පත් වූයේ ශීත කුණාටුවක් හේතුවෙනි. මෙම අනතුර පිළිබඳ එහි නාවිකයන් කලින් දැනුවත් කළ බවට ද වාර්තා ඇත. නමුත් ඔවුන් නෞකාව නතර කර ගැනීමට සමත් ව තිබණේ නැත. Mariner Group දත්තවලට අනුව මෙම නෞකා අනතුර හේතුවෙන් පෘතුගාලය, ප්‍රංශය අවට මුහුදු තීරයට බොර තෙල් බැරල් මිලියන 1.6 ක් එක් විය. එහි බලපෑම සැතපුම් 125 ක් දිග වෙරළ තීරයකට බලපා තිබුණේය.
Oil Spilled: 1.8 million barrels
Cost in 2010: $153 million
ස්පාඤ්ඤයට අයත් ‘කැස්ටිලෝ ඩි බෙල්වර්‘ නෞකාව ගින්නට 1983 අගෝස්තු මස දකුණු අප්‍රිකාවට සැතපුම් 70 ක් නුදුරේදී ගින්නට හසු වූ අතර, එයින් බොර තෙල් බැරල් මිලියන 1.8 ක තෙල් සාගරයට මුසු විය. මෙයින් වෙරළ තීරය දැඩි හානියකට ලක් වූ නමුත්, පසුව සුළංවල සිදුවූ ස්වභාවික වෙනසක් හේතුවෙන් ‘පාරිසරික විනාශය අවම වූ බව International Tanker Owners Pollution Federation (ITOPF) පවසයි. කෙසේ වුවත් සාගර ජීවීන්ට මෙයින් අති දැවැන්ත හානියක් සිදුව තිබිණි.
Oil Spilled: 1.9 million barrels
Cost in 2010: $161.5 million
1983 පෙබරවාරි 10 වැනිදා, පර්සියානු ගල්ෆ් බොක්කේ ඉරාන මුහුදු තීරයේදී ‘නොව්රුස්‘ ගොඩබෑම් තටාංගනය සමග තෙල් ටැංකික් ගැටීම නිසා එම තටාංගනය අංශක 45 ක් ඇළවී ගියේය. අවසානයේ එහි සමතුලිතතාවය බිඳී යාම නිසා දිනකට තෙල් බැරල් 1,500 බැගින් සාගරයට කාන්දු වීමට පටන් ගත්තේය. ඉරාන ඉරාක යුද්ධය මධ්‍යයේ හටගත් මෙම සිදුවීම අතරවාරයේදී ඉරාක හමුදාව මෙම තෙල් තටාංගනයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, තෙල් ගිනිගැනීම සිදුවිය. තෙල් කාන්දුව නතර වූයේ 1983 සැප්තැම්බර් මාසයේදී ය.
Oil Spilled: 1.92 million barrels
Cost in 2010: $163.2 million
ලයිබීරියාවට අයත් සුපර් ටෑන්කර් වර්ගයේ ‘ඒබීටී සමර්‘ නෞකාව 1991 මැයි මාසයේදී ඇංගෝලාවට නුදුරු වෙරළේදී (සැතපුම් 900 ක් ඈතින්) පිපිරී ගියේය. එයින් ඇති වූ තෙල් කාන්දුව නාවික සැතපුම් 17 ක් දුරට විහිදී ගියේය. නැවියන් කිහිප දෙනෙක් විපතින් මිය ගිය අතර, දින තුනක් ගිනිගත් නෞකාව ඉන්පසු මුහුදේ ගිලී ගියේය.
Oil Spilled: 2.095 million barrels
Cost in 2010: $178 million
1992 මාර්තු මාසයේදී ෆර්ගානා නිම්නයේ ලෝකයේ විශාලතම තෙල් කාන්දුව සිදුවිය. ඒ අනුව බොර තෙල් බැරල් මිලියන 2 ක් මුහුදට එක් විය. මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබුණේ කෘෂිකර්මයයි. ෆර්ගානා නිම්නය 1908 වසරේ පටන් ඛණිජ තෙල් නිෂ්පාදනයේ යෙදී සිටි ක්ෂේත්‍රයකි. තවද එය උස්බෙකිස්ථානයේ වඩාත්ම සක්‍රිය තෙල් පිරිපහදු සහ බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සැලකිණි. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කළේ තෙල් විසිරී යාමට පෙර ෆර්ගානා ද්‍රෝණියේ බොර තෙල් බැරල් බිලියන 4.5ක් තිබූ බව ය.
Oil Spilled: 2.2 million barrels
Cost in 2010: $187 million
1979 ජූලි මාසයේදී බොර තෙල් බැරල් මිලියන 2.2 ක් ටොබැගෝ දුපත අසලදී මුහුදට එක් වන්නේ නැව් දෙකක් එකිනෙක හැප්පීමේ ප්‍රතිඵලයක් ලෙස ය. කලාපීය සුළි සුළඟකට හසුවීම හේතුවෙන් මෙසේ හැප්පුණු නෞකාවන් දෙක වූයේ Atlantic Empress සහ Aegean Captain ය. මෙහිදී ඇට්ලෑන්ටික් එම්ප්‍රෙස් නෞකාවෙන් තෙල් කාන්දු වීම ආරම්භ වී තිබුණේ කුණාටුව අතරතුර එය අනෙක් නෞකාවේ හැප්පීමට ද පෙර බව පසුව අනාවරණය විය. අගෝස්තු 3 වැනිදා නෞකාව ගිලී ගියේය.
Oil Spilled: 3.34 million barrels
Cost in 2010: $283.9 million
මෙක්සිකෝ බොක්කේ පිහිටා තිබූ තෙල් ළිඳක් වූ Ixotoc 1, ටෙක්සාස් වෙරළට සැතපුම් 600 ක් නුදුරින් පිහිටියේය. මෙය මෙක්සිකානු ඛණිජ තෙල් සමාගමක් වූ පෙමෙක්ස් සමාගමට අයත් තෙල් ළිඳකි. 2010 වසරේදී පීඩන ගැටළුවක් හේතුවෙන් මෙය පුපුරා යාමට ලක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බොර තෙල් බැරල් 10,000 – 30,000 අතර ප්‍රමාණයක් බැගින් දිනපතා සාගරයට මුසු විය. 2010 ජූනි 3 දා සිට ඊළඟ වසරේ, එනම් 2011 මාර්තු 23 දක්වා සම්පූර්ණ වශයෙන් බොර තෙල් බැරල් මිලියන 3.34 ක් සාගරයට මුසු වූ බව විශ්වාස කෙරේ.
පෙමෙක්ස් සමාගම, වෙරළ පිිරිසිදු කිරීම වෙනුවෙන් ඇමරිකාව විසින් ඉල්ලා සිටි වන්දිය ගෙවීම ද ප්‍රතික්ෂේප කළේය. ඇමරිකාව පුරා මාස 2 ක් තිස්සේ ටෙක්සාස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කාර්යයේ නිරත විය.
Photo: AP
Oil Spilled: 5.7 million barrels
Cost in 2010: $484.5 million
ලෝකයේ එදා මෙදාතුර සිදුවූ විශාලතම තෙල් කාන්දුව වශයෙන් සැලකෙන්නේ කුවේට් තෙල් කාන්දුවයි. ගල්ෆ් යුද්ධය අතරවාරයේදී සිදුවූ මෙම අනතුර නිසා ඇති වූ හානිය අයිසොටොක් පාරිසරික විපතෙන් සිදුවූ හානිය මෙන් දෙගුණයකි. විපත ආරම්භ වූයේ ඉරාක හමුදාව විසින්, පර්සියානු බොක්ක හරහා කුවේටයට ගොඩ බාමින් තිබූ ඇමරිකානු හමුදා බලකායට අයත් යානා විනාශ කිරීමේ අරමුණින් තෙල් පයිප්පවල පහර දීමත් සමග ය.
තෙල් කාන්දුව නතර කරගැනීම සඳහා ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා විසින් එම තෙල් පයිප්පවලට පහර දීම සිදුවිය. කෙසේ වෙතත්, මෙම තෙල් කාන්දුව පිලිබඳ සිදුකළ අන්තර්ජාතික අධ්‍යයනයක් මගින් යෝජනා කරන්නේ මෙයින් සිදුවූ හානිය සාපේක්ෂව අඩු එක්ක බවයි. බොර තෙල් බැරල් මිලියනයක් පමණ එක්රැස් කර ගැනීමට හැකි වූ බවත්, බොර තෙල් බැරල් මිලියන 3 ක් පමණ සෞදි වෙරළට ගොඩගැසූ බවත් එහිදී කියැවිණි.
1989 වසරේදී ‘එක්සන් වැල්ඩ්ස්‘ නෞකාව හේතුවෙන් සිදු වූ තෙල් කාන්දුව, ලෝකයේ එදා මෙදාතුර සිදුවූ විශාලතම පාරිසරික හානිය ලෙස සැලකේ. එහිදී බොර තෙල් බැරල් 257,000 ක් පමණ සාගරයට මුසු විය. මෙය ඉහත කී සිද්ධිවල සඳහන් තෙල් පරිමාවට වඩා බෙහෙවින් කුඩා යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මෙයින් සිදුවූ පාරිසරික හානිය, අන් සියල්ලටම වඩා විපත්තිකාරී ය.
Hong Kong Bloom Shipping සමාගමට අයත් එක්සන් වැල්ඩ්ස් නෞකාව මෙසේ විපතට පත්වූයේ 1989 මාර්තු 24 වැනිදා ඇලස්කාවේ ප්‍රින්ස් විලියම් සවුන්ඩ් හිදී ය. එය ගල් පරයකට ගැටීම නිසා වර්ග සැතපුම් 1,300 ක් දුරට තෙල් විසිරීම සහ කාන්දුව සිදුවිය. මෙය, හෙලිකොප්ටරයකින් හෝ සීප්ලේන් යාත්‍රාවකින් පමණක් ප්‍රවේශ විය හැකි අතිශයින්ම දුරස්ථ භූමි භාගයකි.
මේ නිසාම මෙහි පිරිසිදු කිරීමේ කාර්යය අතිදුෂ්කර විය. කලාපයේ සාපේක්ෂව සන්සුන් ජල තලය, තෙල් ඉවත් කරන රසායන ද්‍රව්‍ය, තෙල් සමග ගැටීම වළක්වාලීය. එහි ප්‍රතිඵලයක් ලෙසට බොර තෙල් ගැලුම් 26,000 ක් පමණ ඇලස්කාවේ සදහටම ඉතිරි විය.
අති දැවැන්ත පාරිසරික හානියක් මේ නිසා සිදුවිය. සමුදුරු පක්ෂීන් පමණක් 250,000 ක් මේ නිසා මිය ගියහ. සෙසු සතුන් ද දහස් ගණනක් තෙල් කාන්දුවෙන් විපතට පත් වූ බව ට වාර්තා රැසකි.
ලෝකයේ එදා මෙදාතුර තෙල් නැවක් නිසා සිදුවූ දැවැන්තම පාරිසරික හානිය හටගත්තේ මෙහිදී ය. අද පවා ඇලස්කාවේ මෙහි බලපෑමෙන් ශේෂ වූ ඛේදවාචකයන් රැසක් ඇති බව කියැවේ.