×

උඩු ගුවනේ ගමන් අති සුන්දර වන ලකුණු

කවුලු රහිත ගුවන් යානා


එදා මෙදා තුර ඉතිහාසයේ ගුවනින් යනු කැමති සෑම දෙනාම පාහේ කැමැත්තක් දැක්වූයේ  ගුවන් යානයේ කවුළුවක් අසල අසුනක් ලැබෙනවාටයි.

ඒ  ගුවන් ගමන අවසන් වන තෙක් විවිධ අවස්ථාවලදී ගොඩ බිමදී දැකිය නොහැකි තරම් සමීපව වලාකුලු දකින්නටත් උඩු ගුවනේ ආශ්චර්ය දකින්නටත්ය. කවුලුවක් අසල අසුනක් වෙනුවෙන් සටන් කල ගුවන් ගමන් ඉතිහාසය වෙනස් කරමින් සියල්ලන්ටම අහසේ අසිරිය දැකගත හැකි වන අයුරින් කවුලු නොමැති ගුවන් යානා හදුන්වා දෙන්නට හැකි අයුරින් නවතම සොයා ගැනීමක් සිදු කරන්නට  බ්‍රිතාන්‍යයේ තාක්ෂණ හා පර්යේෂණ ආයතනය සමත් වී ඇත. ගුවන් ගමන් වල අනාගතය වෙනස් විදියකින් ලියන්නට සූදානමින් සිටින මෙම බි‍්‍රතාන්‍ය තාක්ෂණ හා පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇති පරදි අනාගත සියලු ගුවන් යානා සැබවින්ම කවුලු නොමැති ගුවන් යානා වනු ඇත. ඒ වෙනුවට සමස්ත ගුවන් යානයම OLED Touch screen භාවිතයෙන් අතත්‍ය දසුනක් නිර්මාණය වනු ඇත. ඒත් සමග අනිවාර්යයෙන්ම ගුවන් යානයේ ගමන් කරන මගීන් සියල්ලන්ටම කවුලුවක් ලග අසුනක්  හිමිවනු ඇත.

බ්‍රිතාන්‍ය තාක්ෂණ හා පර්යේෂණ ආයතනය පවසන පරිදි මෙහි සියලු වෙනස්කම් තව වසර 10ත් 15ත් අතර කාලය තුල සැබෑ වෙන සිහින වනු  ඇත. ගුවන් යානය සමපූර්ණයෙන්ම සැදුම් ලත් මෙම OLED Touch screen  ගුවන් යානයෙන් පිටත අවට සියල්ල සජීවීව පටිගත වන ගුවන් යානයේ පිටත සවිකල කැමරා සමග සම්බන්ධ කරනු ඇත. එමගින් ගුවන් යානය අසසේ පියාසර කරන විට අවට සියල්ල ඉතා පැහැදිලිව සජීවීව දැක ගන්නට ගුවන් මගියාට හැකි වේ. අතත්‍ය කවුලු මගින් අවට අහස දකින විට ඔබට එය දරා ගත නොහැකි නම් නැවතත් විනෝදාත්මක අංග සහිත අත්දැකීමක් ලබා දෙනු ඇත.

OLED Touch screen එකක් මගින් සිදු වන්නේ කාබනික ආලෝක ඩයෝඩයක් ලෙස  ක‍්‍රියාත්මක වීමයි. මෙම ක‍්‍රමය විද්‍යාත්මක ක‍්‍රමයක් ලෙස  දකින්නට හැකි වුවත් මෙම තාක්ෂණය අද වන විට රූපවාහානී ජංගම දුරකථන, පරිගණක මොනිටරයන් තුල භාවිත වේ. සැබවින්ම මෙය විශාල රූපවාහානී තිරයක්ය. ගුවන් යානයේ සියලු පෘෂ්ඨ මෙම තිරයන්ගෙන් නිර්මාණය වී ඇත. එවිට ඕනෑම තැනක සිට තම ගුවන් යානය වඩා අහස
,
, වළාකුළු දෙස බලන්නට ඕනෑම ගුවන් මගියෙතුට හැකි වනු ඇත. ඒ නිසාම  තව බෙහෝ ටික කාලයකින් මිනිසුන් ගේ ගුවන් ගමන් අද පවතිනවාට වඩා බෙහෝ සුන්දර විය හැකි වනු ඇති බවට නොඅනු මානය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි