×

කොරෝනා සහ ඔලිම්පික්:

කොරෝනා වෛරසය පැතිරීම සහ මෙම ගිම්හානයේදී ටෝකියෝ ක්‍රීඩා උළෙලට එය ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඔලිම්පික් සංවිධායකයින් දැඩි ලෙස සැලකිලිමත් වෙමින් සිටින බව වාර්තා වේ.


කොරෝනා වෛරසය පැතිරීම සහ මෙම ගිම්හානයේදී ටෝකියෝ ක්‍රීඩා උළෙලට එය ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඔලිම්පික් සංවිධායකයින් දැඩි ලෙස සැලකිලිමත් වෙමින් සිටින බව වාර්තා වේ.

වෛරසය හේතුවෙන් තෝරාගැනීමේ තරඟ රැසක් සඳහා බලපෑම් එල්ල වී ඇත.

ටෝකියෝ සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ බලාපොරොත්තු වන්නේ වෛරසය හැකි ඉක්මනින් තුරන් වනු ඇති බවයි.

“බෝවන වෛරසය පැතිරීම හේතුවෙන් ඔලිම්පික් උළෙල සඳහා බලපෑම් ඇති වීම පිළිබදව අතිශයින් කනස්සල්ලට පත්ව සිටිමු.” මුටෝ කියා සිටියේය.

චීනයේ වෛරස් රෝගීන් 24,300 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 490 ක් මියගොස් ඇත. එමෙන්ම නිරෝධායන ජපන් නෞකාවක රෝගීන් 10 දෙනෙකු ද සිටින බව තහවුරු වී තිබේ.

චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත – එක් අයෙකු හොංකොං සහ එක් අයෙකු පිලිපීනයේ දී මියගොස් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නමුත් එය තවමත් “වසංගතයක්” හෝ ලොව පුරා නව රෝගයක් ලෙස ව්‍යාප්ත වී නොමැති බව ප්‍රකාශ කර තිබේ.

අගමැති ෂින්සෝ අබේ ඇතුළු ජපාන රජයේ නිලධාරීන් පවසන්නේ ජූලි 24 වනදා ආරම්භ වන ඔලිම්පික් උළෙලට වන බලපෑම අවම කිරීමට තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000 ක් රැඳී සිටින අපේක්ෂිත මලල ක්‍රීඩා ගම්මානයේ නගරාධිපති සබුරෝ කවාබුචි පවසන්නේ “සුමට ඔලිම්පික් උළෙලක්” එනම් කිසිදු බාධාවක් කරදරයක් නොමැති උළෙලක් සඳහා අවස්ථාව ලැබෙනු ඇති තමා බලාපොරොත්තු වන බවයි. “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ හොඳම දස්කම් දැක්වීමට අවස්ථාව ලබා දීම සඳහා ඔවුන් වෙනුවෙන් හැකි සෑම දෙයක්ම අපි කරනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ ශූරතා, චීන ගෘහස්ථ පාපන්දු සමය සහ හයිනන් දූපතේ ගොල්ෆ්  එල්පීජීඒ ඉසව් ඇතුළු චීනයේ ක්‍රීඩා තරඟ ගණනාවක් අවලංගු කර හෝ කල් දමා ඇත.

සමහර රටවල් චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතුළුවීමේ සීමාවන් ද හඳුන්වා දී ඇතත්, බැඩ්මින්ටන් ලෝක සම්මේලනය බදාදා කියා සිටියේ සිය ගෝලීය ඉසව් සඳහා එසේ නොකරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි