×

ඕමානයට වසන්තය ගෙනා අරාබි ලෝකයේ දීර්ඝතම පාලකයා- සුල්තාන් කබූස් බින් සයිඩ් මිය යයි

අලෝහිත සංග්‍රාමයකින් පසු සිය පියාගෙන රාජ්‍ය උදුරාගත් ඔහුට උරුමක්කාරයෙකු හෝ අනුප්‍රාප්තිකයෙකු නොමැත


මැද පෙරදිග සහ අරාබි ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍යයක් පාලනය කළ පාලකයා වූ කබූස් බින් සයිඩ් අල් සයිඩ් මිය ගිය බව ඕමාන මාධ්‍ය වාර්ථා කරවයි. ඒ ඔහුට වයස අවුරුදු 79දීය.

පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත් වූ ඔහු කාලයක් තිස්සේ රෝගාතුරුව බෙල්ජියමේ රෝහලක දී ප්‍රතිකාර ලබා ගත් අතර ඔහු පිළිකා රොගයෙන් පීඩා විඳි බව වාර්ථා වේ.

අවිවාහකයෙක් වූ කබූස් බින් සයිඩ් ට උරුමාක්කාරයෙකු හෝ අනුප්‍රාප්තිකයෙකු නොමැති වීම මේ වන විට ඕමානයේ පාලකයෙකු පත් කිරීම පිළිබද මත භේදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ. සුල්තාන් රාජ්‍යයේ මූලික ප්‍රඥප්තියට අනුව, පිරිමි සාමාජිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත රාජකීය පවුල් සභාව – සිංහාසනය පුරප්පාඩු වී දින තුනක් ඇතුළත නව සුල්තාන්වරයෙකු තෝරා ගත යුතුය. නමුත් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට රාජකීය පවුල අසමත්වුවහොත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් සහ ශ්‍රේෂ් ඨාධිකරණයේ සභාපතිවරුන්, උපදේශක සභාව සහ රාජ්‍ය කවුන්සිලය විසින් මුද්‍රා තබන ලද සුල්තාන් කබූස් රහසිගතව ඔහුගේ තේරීම සටහන් කරලියුම් කවරයක් විවෘත කරනු ඇති අතර පසුව එම පුද්ගලයා සිංහාසනාරූඨ කරනු ඇත.

1970 සිදු වූ ඕමානී කුමන්ත්‍රණයේදී බ්‍රිතාන්‍යයන් සමග එක්ව එතෙක් ඕමානයේ පාලකයාව සිටි සිය පියාවූ සයිඩ් බින් තාබූර් කුමන්ත්‍රණකාරීලෙස බලයෙන් පහ කර රාජ්‍යයේ පාලකයා ලෙස පත් විය. ඒ ඕමානය සංවර්ධන මාර්ගයකට අවතීරණ කරවීමට සිය පියා ගේ අකමැත්තට විරෝධය දක්වමිනි.

ඉන් ඉක්බිතිව එතෙක් හුදකලාව පැවති මින් පෙර මස්කට් ලෙස හැදින් වූ ඕමානයේ පැවතුණ තත්ත්වය අවසන් කිරීම සහ එහි තෙල් ආදායම නවීකරණය හා සංවර්ධනය සඳහා යොදා ගැනීමේ අරමුණින් 1970 ජූලි 23 වන දින කබූස් ඕමානයේ පාලකයි විය. ඉන් පසු තවදුරටත් මස්කට් සහ ඕමාන් ලෙස නොහදුනන ලෙස ප්‍රකාශයට පත් කළ ඔමු එහි දේශපාලන සමගිය වඩාත් හොඳින් පිළිබිඹු කිරීම සඳහා එහි නම “ඕමානයේ සුල්තාන් රාජ්‍යය” ලෙස වෙනස් කරන ලදී.

තෙල් ආදායම උපයෝගී කර ගනිමින් රට නවීකරණය කළේ කබූස් එරට නවීන යටිතල පහසුකම් සකස් කරන ලදී. කිලෝමීටර් සිය ගණනක් නව මාර්ග සකස් කර, විදුලි සංදේශ ජාලයක් ස්ථාපිත කරන ලදී, ඔහුගේ පාලන සමයේ වරායක් හා ගුවන් තොටුපළක් සඳහා ව්‍යාපෘති නිම කළ ඔහු විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘතිවල පෞද්ගලික ව්‍යවසායයන් වර්ධනය කිරීමට දිරිගැන්වීය. රට ආර්ථික වශයෙන් දියුණු වන විට බැංකු, හෝටල්, රක්ෂණ සමාගම් සහ මුද්‍රිත මාධ්‍ය ආරම්භයට මූලාරම්භය සැපයීය. ඔහු මෙතෙක් ඕමානය භාවිත කළ ඉන්දියානු රුපියල සහ මරියා තෙරේසා තාලර් වෙනුවට ඕමානි රියාල් ජාතික මුදල් ලෙස ස්ථාපිත කරන ලදී. එරට අතිරේක වරායන් , විශ්වවිද්‍යාල විවෘත කර ඕමානයේ අධ්‍යාපය ඉහළ නැංවූ ඔහු රාජ්‍ය භාරගෙන පළමු වසර තුළ ඕමානයේ වහල්භාවය ද අහෝසි කළේය.

මධ්‍යස්ථව පෙනී සිට බටහිර හා ඉරානය අතර සමබරතාවයක් පවත්වා ගැනීමට සැලකිලිමත්  වූ ඔහුගේ විදේස් ප්‍රතිපත්තියේ  ප්‍රතිඵලයක් ලෙස ඕමානය බොහෝ විට එක්සත් ජනපදය සහ ඉරානය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇත.

ජාත්‍යන්තර වශයෙන් අනූව දශකයේ මුල් භාගයේදී යුනෙස්කෝවට කරන ලද පරිත්‍යාගයක් මගින් ඔහු පාරිසරික සංරක්ෂණය සඳහා වූ සුල්තාන් කබූස් ත්‍යාගයට අරමුදල් සපයන ලදී. 1991 සිට සෑම වසර දෙකකට වරක් මෙම ත්‍යාගය ප්‍රදානය කෙරේ.

ඕමානය ස්ථාවර රාජ්‍ය්‍යක් කිරීමෙහි ලා අප්‍රතිහත කැපවීමක් කළ සුල්තාන් කබූස්ගේ වියෝව වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් එරට අධිතරණය විසින් නියම කර ඇත. එමෙන්ම දින 40ක් යන තෙක් සියලු ස්ථාන වල රාජ්‍ය ධජය අඩකුඹු කර තබනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි