×

සුඩාන ජනපති හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි.

පසු ගිය කාලය පුරා රාජ්‍ය විරෝධී කැරළි රැසක් සුඩානයේ ඇති විය.


සුඩාන ජනපති ඔමාර් අල් බෂීර් විසින් එරට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඉනික්බිති එරට ආණ්ඩුව විසිරුවා හැරි ජනපතිවරයා රජයේ සියළු ප්‍රධානීන් ධූරයෙන් පහ කරන ලදී,

රූපවාහිනී වැඩසටහනක් තුළදී මේ පිළිබද නිළ දැනුම් දීම සිදු කළ සුඩාන ජනපතිවරයා ඉවත් කළ ප්‍රධානීන්ගේ තනතුරට ආරක්ෂක අංශ සාමාජිකයන් ඔහු විසින් පත් කරන ලද්දේය.

පසු ගිය කාලය පුරා රාජ්‍ය විරෝධී කැරළි රැසක් සුඩානයේ ඇති වූ අතර ජනපතිවරයා විසින් සිදු කරන ලද මෙම වෙනස්කම්වලට හේතුව ද එම රාජ්‍ය විරෝධී කැරළි වන්නට ඇත.
මින් පෙර ඔහුගේ ධූර කාලය ඉදිරියට දිගු කර ගැනීම සදහා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට යෝජනාවී තිබුණද එයද කල් දමන ලෙස ජනපතිවරයා දැනුම් දෙන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි