×

Omicron නව කොරෝනා වයිරස් ප්‍රභේදය වේගයෙන් පැතිරෙයි – WHO

Pfizer/BioNTech එන්නතෙහි මෑත කාලීන අධ්‍යයනයන් පෙන්නුම් කළේ මුල් තත්වයට වඩා Omicron ප්‍රභේදයට එරෙහි ප්‍රතික්‍රියාව උදාසීන කරන ප්‍රතිදේහ නිපදවන්නේ අඩුවෙන් බවයි.


Omicron නව කොරෝනා වයිරස් ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ.මේ සමගම දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදයේ සිද්ධීන් රටවල් 77 ක තහවුරු වී ඇත.නමුත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී WHO ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේ එය බොහෝ විට එය තවමත් හඳුනාගෙන නොමැති බවයි.

Omicron ප්‍රභේදය ප්‍රථම වරට පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේදී හඳුනා ගන්නා ලද අතර එතැන් සිට එරට ආසාදනවල වැඩිවීමක් පෙන්නුම් කර ඇත. Omicron මතුවීමත් සමඟ රටවල් ගණනාවක් දකුණු අප්‍රිකාවට සහ ඒ අසල්වැසි රාජ්‍යයන්ට සංචාරක තහනමක් පැනවූ නමුත් එය ලොව පුරා පැතිරීම නැවැත්වීමට අපොහොසත් වී තිබේ.ඇමරිකානුවන් 800,000 කට වැඩි පිරිසක් මේ වන විට කොරෝනා වයිරසයෙන් මිය ගොස් ඇත.

ගෝලීය වසංගතයෙන් රටක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එයයි.Omicron පිළිබඳ අවදානය යොමු කරමින් ඉතාලිය හදිසි තත්වයක් 2022 මාර්තු 31 දක්වා ප්‍රකාශ කර තිබේ.දෙසැම්බර් මස අවසානයේදී එරට ගමන් බිමන් සහ මහජන රැස්වීම් සීමා කිරීමට රජය තිරණය කර ඇත.

Pfizer/BioNTech එන්නතෙහි මෑත කාලීන අධ්‍යයනයන් පෙන්නුම් කළේ මුල් තත්වයට වඩා Omicron ප්‍රභේදයට එරෙහි ප්‍රතික්‍රියාව උදාසීන කරන ප්‍රතිදේහ නිපදවන්නේ අඩුවෙන් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි