×

අද – නොවැම්බර් 1 වැනිදා

අද වැනි දවසක ලෝක සිතියමේ...


අද, නොවැම්බර් 1 වැනිදා යි

ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිශ්වර්‍යා රායි බච්චන් ගේ හතළිස් හයවැනි උපන් දිනය අද යි. ඈ 1994 වර්ෂයේ දී ලෝක රූ රැජින කිරුළ ද දිනා ගත්තා ය.

ලෝක සත්ත්ව නිෂ්පාදන රහිත වූවන් ගේ දිනය අද යි.

1604 – විලියම් ශේක්ස්පියර්ගේ ඔතෙලෝ සහ ‘ද ටෙම්පෙස්ට්‘ වේදිකාවට

ප්‍රථම ඔතෙලෝ

1604 වර්ෂයේ අද වැනි දිනක විලියම් ශේක්ස්පියර් ගේ ඔතෙලෝ නාට්‍යය ද 1611 වසරේ අද වැනි දිනක The Tempest නාට්‍යය ද ප්‍රථමවරට රඟ දැක්වෙයි.

1911 – අහස් යුද්ධවල ආරම්භය

1911 – ලොව ප්‍රථම වරට යුද්ධයක දී අහසේ සිට බෝම්බ දමනු ලබයි. මෙය සිදුවන්නේ ලිබියාවේ, ඉතාලි-තුර්කි යුද්ධය අතරතුර ය. ඉතාලි හමුදාවේ දෙවැනි ලුතිනන් ගියුලියෝ ගැවරොට්ටි විසින් කුඩා බෝම්බ කීපයක් ගුවන් යානයක සිට අතහැරීමෙන් මෙය සිදු කරන ලදී. මෙය ‘ගුවනේ සිට කරන යුද්ධ‘වල ආරම්භය සටහන් කළේය. ඒ වන විට තුර්කිය පැවතුණේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ කොටසක් ලෙස ය.කෙසේ නමුත් මෙම පළමු බෝම්බයෙන් කිසිවෙකුට අනතුරක් සිදුවූයේ නැත.

1952 – එක්සත් ජනපදය ලොව ප්‍රථම තාප න්‍යෂ්ටික බෝම්බය

1952 වර්ෂයේ අද වැනි දිනක මැද ජලාශයක් සහිත හිරිගල් දිවයිනක් වන මාෂල් දූපත් හි දී, එඩ්වර්ඩ් ටෙලර් ඇතුළු ඇමරිකානු විද්‍යාඥයන් ලොව ප්‍රථම තාපන්‍යෂ්ටික බෝම්බය අත්හදා බලති. එයට බලශක්තිය ලබාදුන්නේ පාලනයකින් තොරව, ස්වයං පැවැත්මක් සහිත න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවකිනි. ‘හයිඩ්‍රජන් බෝම්බ‘ ලෙස ද හැඳින්වෙන මේ වර්ගයේ බෝම්බ, දෙවන පරම්රපාවේ න්‍යෂ්ටික ආයුධවලට අයත් වේ. එය, එම වර්ගයේ න්‍යෂ්ටික අවිවල ආරම්භය ද විය. හයිඩ්‍රජන් බෝම්බයේ පියා යන විරුදාවලිය විද්‍යාඥ එඩ්වර්ඩ් ටෙලර් හට හිමිවිය.

1981 – ඇන්ටිගුවා සහ බාබියුඩාව එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගනියි. ඒ අනුව ඇන්ටිගුවා සහ බාබියුඩා හි නිදහස් දිනය අදට යෙදී තිබේ.

1982 – හොන්ඩා ඇමරිකාවට

1982 වසරේ නිෂ්පාදනය කළ හොන්ඩා මෝටර් රථයක්

1982 – එක්සත් ජනපදයේ වාහන නිෂ්පාදනාගාරයක් ඇරැඹි ප්‍රථම ආසියානු ව්‍යාපාරය බවට හොන්ඩා පත් වෙයි.

1997 -ටයිටැනික් රිදී තිරයට

1997 – ජේම්ස් කැමරන් ගේ ටයිටැනික් චිත්‍රපටය එහි ප්‍රථම මහජන දර්ශනය ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී පවත්වයි. එය ලොව වැඩි ම ආදායම්ක් ලැබූ චිත්‍රපටයක් බවට පත් වන අතර, එහි ජැක් ගේ සහ රෝස් ගේ චරිත රඟපෑ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ කේට් වින්ස්ලට් ජාත්‍යන්තර සිනමා තරු බව ද පත් කළේ ය.

පහත ඡායාරූවල සහ මෙම ලිපියේ ප්‍රධාන ඡායාරූපවල දැක්වෙන්නේ ලියනාඩෝ සහ කේට්, අධ්‍යක්ෂ ජේම්ස් කැමරුන්, පසුතලයේදී ගත් ඡායාරූප කිහිපයකි.

2000 – සර්බියානු ජනරජය සහ මොන්ටෙනේග්‍රෝ එක්සත් ජාතින් ගේ සංවිධානය හා සම්බන්ධ වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි