×

අද ඔක්තෝබර් 15 වැනිදා – දවසේ වැදගත්කම

ගැමි කාන්තාව සදහා වන ජාත්‍යන්තර දිනය අදයි.


ලෝක සිතියමේ අද වැනි දවසක සිදුවූ දහස් සංඛ්‍යාත සිද්ධි අතරින් ප්‍රධාන සිදුවීම් කිහිපයක සංක්ෂිප්තයකි, මේ.

ලෝකයේ ප්‍රථම බැලේ රංගනය

1581 – ලොව ප්‍රථම බැලේ රංගනය වන Ballet Comique de la Reine පැරීසියේ දී රඟ දැක්වෙයි. මෙය සිදුකරනු ලැබුවේ Catherine De Medici විසිනි.

 

ලෝකයේ ප්‍රථම වාෂ්ප බැලුම

1783 – මොන්ට්ගොල්ෆයර් සහෝදරයන් ගේ උණු වාෂ්ප බැලුම ප්‍රථම මානව ගුවන්ගත වීම ලකුණු කරයි. මෙහි නියමුවා Jean-François Pilâtre de Rozier නමැත්තෙකි.

නැපෝලියන් පිටුවහල් කරයි

French cuirassiers charging a British infantry square at the Battle of Waterloo, 1815 (1906). From Cassell’s Illustrated History of England, Vol. V. (Cassell and Company, Limited, London, Paris, New York & Melbourne, 1906). Artist P Jazet.(Photo by The Print Collector/Getty Images)

1815 – නැපෝලියන් අප්‍රිකානු වෙරළ තීරය අසබඩ සාන්ත හෙලේනා දිවයිනට පිටුවහල් කරනු ලබයි. බෙල්ජියමේදී සිදුකෙරුණු වෝටර්ලූ හි සටන පරාජය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් ඔහුව පිටුවහල් කරනු ලැබිණ. අද ද ආපස්සට හැරවිය නොහැකි පරාජයන් හඳුන්වාලීමට ‘වෝටර්ලූ සටන‘ යන යෙදුම බටහිර ජාතිකයන් විසින් යොදන්නේ මෙම ඓතිහාසික පරාජය සිහිපත් කරවීම පිණිස ය.

මාතා හාරි ට මරණ දණ්ඩනය

1917 – ඕලන්ද නාට්‍යාගනාවක ද ජර්මනිය වෙනුවෙන් රහස් ඔත්තු සපයන්නියක ද වූ මාතා හරි ප්‍රංශ රජය විසින් මරණ දණ්ඩනයට පමුණුවයි.

චාලි චැප්ලින් ගේ ‘The Great Dictator’

1940 – චාලි චැප්ලින් ගේ ‘The Great Dictator’ චිත්‍රපටය නිකුත් වෙයි. මෙය එවක සමාජය පිළිබඳ උපහාසයෙන් යුතුව විචාරයක යෙදුණු චිත්‍රපටයකි. එම චිත්‍රපටය යූ ටියුබ් ඔස්සේ සම්පූර්ණයෙන් නැරඹීමට පුළුවන.

[embedyt] https://www.youtube.com/watch?v=pHZ46sQkzqU[/embedyt]

 

උපත් පාලන ක්‍රමවල පදනම

1951 – මෙක්සිකානු රසායනඥ ලුවී ඊ. මෙරමොන්ටෙස් norethisterone රසායනය සං‍යෝග කිරීම සම්පූර්ණ කරයි. මෙය මුල්කාලීන මුඛයෙන් ගන්නා උපත්පාලන ක්‍රම වල පදනම යි.

ගොර්බචොව් ට නොබෙල් සාම ත්‍යාගය

1990 – සෝවියට් දේශයේ පාලක මීහයිල් ගොර්බචොව් නොබෙල් සාම ත්‍යාගය දිනා ගනියි. ඒ සීතල යුද්ධ සමයේ රටවල් අතර ආතතීන් අවම කිරීමට ඔහු ගත් ප්‍රයත්න ඇගැයීමක් වශයෙනි.

සදාම් ජනමත විචාරණයකින් ජනපති බවට

1995 – ජනමත විචාරණයක් හරහා සදාම් හුසේන් නැවත ජනාධිපති ධූරයට පත්වෙයි.

#MeToo රැල්ලට වසර 3 යි!

2017 – නිළි ඇලිස්සා මිලානෝ ගේ “ඔබ ලිංගික ව හිංසනයට ලක්ව ඇත් නම් ‘me too’ යැයි කියන්නැයි කියූ ට්විටර් පණිවුඩයට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් හරහා පිළිතුරු රාශියක් ලැබෙයි. නූතන ලෝකයේ වැඩිම වාර ගණනක් යෙදුණු හෑෂ්ටැගය වූ #MeToo නිර්මාණය වූයේ ඒ අයුරිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි